leader s

මන්නාරම  ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනකු කිසියම්  පිරිසක් විසින් පැහැර ගැනීමට තැත් කළ බවට පොලිසිය ට කළ පැමිණිලි සාවද්‍ය පැමිණිල්ලි බවත්, ඒ බව තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ

විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

සුදුපාට වෑන් රථයික් පැමිණ  පිරිසක් තමන් පැහැර ගැනීමට උත්සහ කළ බවට ඉකුත් 7-8 යන දිනවල පාසල් සිසුන් තිදෙනකු පොලිසිය වෙත මෙම පැමිණිලි  ඉදිරිපත් කර තිබු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

පැමිණිලි අනුව එවැනි සිදුවීමක් තහවුරු වී නොමැති  බවත්, මෙම සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි  ඉදිරිපත් කළේ ද යන්න හෙළි කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ (11) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.


(lankadeepa.lk)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්