ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරගේ නි‍ෙවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගාතුර වී කොළඹ

ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක් වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි.

සුදර්මා නෙත්තිකුමාර කළ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එම පැමිණිල්ල මත සේවිකාව පොලිසියට කැඳවා ගෙන එනු ලැබූ අවස්ථාවේ හුස්ම ගැනීමට අපහසු බව කීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් තොරතුරු විමසා සිටියත් ඔහු වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍යයට විමසන සැණින් ලබාදුන්නද මෙම සිදුවීම ගැන කිසිදු තොරතුරක් ලබා නොදී මගහරිනු ස්වරූපයක් දකින්නට ලැබුන බව රජයේ 'දිනමිණ' පුවත්පත වාර්තා කර තිබේ.

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates