leader s

ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.


තමාගේ ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වීය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපති වික්‍රමසිංහ විසින්  මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගන්වන ලදී.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන/ග්‍රන්ථ නියාමන පනත සඳහා සංශෝධන සකස් කරන ලෙස ද ජනාධිපතවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

347853920 607500507992961 3747811028516692613 n
348554774 973235107195530 6255538829447355848 n
 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්