ටෝයියන්, බයියන්, කයියන්ට නොව වැඩ්ඩන් වෙනුවෙන් 'එක්සත් ජනරජ පෙරමුණ' විවෘත බව

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහුගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද (22) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. ඒ, මහා සංඝ රත්නය, දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අතර එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ සංශෝධිත ව්‍යවස්ථා කෙටුම්පත සහ පක්ෂ නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම අනතුරුව සිදුකෙරින.

ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණු පක්ෂයේ නායකයා ලෙස පත් වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකයි. පක්ෂයේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සහ ප්‍රධාන ලේකම් ලෙස බන්දුල චන්ද්‍රසේකර පත්විය.

ජාතික සංවිධායකවරයා වන්නේ ඉංජිනේරු සුමේද රත්නායකයි. වරලත් ගණකාධිකාරී සුනිල් පෙරේරා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස පත්විය. ජනරජ පෙරමුණු පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස පත්වුනේ දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලකයි.

උත්සව සභාව අමතමින් එම පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙලෙස අදහස් පල කළේය.


ඉන් අනතුරුව උත්සව සභාව ඇමතූ එක්සත් ජනරජ පෙරමුණු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ සිය පක්ෂය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයින්ට වේදිකාවක් වන බවයි.

දූෂණය අවසන් කල පමණින් රටක් දියුණුවට පත් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එහිදී කියා සිටියේය.

 

 

 

 

{gallery}Patali Champika Ranawaka{/gallery}

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්