ශ්‍රී ලංකාවේ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් වසර හතරක සිට එම භාණ්ඩ ආනයන කිරීමට පනවා ඇති සීමා ඉවත් කරන තෙක් බලා

සිටියත් ඔවුන්ගේ ව්‍යාපාර නොසලකා හරිමින් රජය වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල ආනයන සීමා ඉවත් කරමින් සිටින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් පවසති.

රජය ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනට පනවා ඇති සීමා ඉවත් කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් නැවත ගොඩගැනීමට නොහැකි ලෙස තම ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙන බවට ප්‍රධාන ආනයනකරුවන් සහ වෙළෙඳුන් මැසිවිලි නගති.

 

ආනයන සීමා ඉවත් කරන බවට රජය පොරොන්දු වූවත් එසේ නොකිරීමෙන් දැනටමත් ආයතන 300 කට ආසන්න සංඛ්‍යාවක් වැසී ඇති බවත් ඉන් 100000 කට ආසන්න සෘජු සහ වක්‍ර සේවකයන් පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.ජේ.එම්. ජවුෆර් පැවසිය.

 

රජය භාණ්ඩ 159 ක ආනයන සීමා මේ වන විට ඉවත් කර ඇතත් තවමත් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනට පනවා ඇති සීමා ඉවත් කිරීමට කටයුතු කර නොමැති බව ඔහු සඳහන් කළේය.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ව්‍යාපාරයට සම්බන්ධ නියෝජිතයන් මේ පිළිබඳ රජයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කළද ඉන් ප්‍රයෝජනයක් වී නොමැත.

රජය ආනයන සීමා ඉවත්කරන ලෙස තමන් කළ ඉල්ලීම් නොසලකා හැරීමෙන් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයන් තිදෙනෙකු වෙළඳපොල ඒකාධිකාරය ලබා ගෙන ඇති බව ආනයනකරුවන් චෝදනා කරති.


Tile and sanitary ware importers in a long wait for import control relaxation


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්