සාමාන්‍ය පෙළ විභාගය 29 වෙනිදා පටන් ගන්න නමුත් පුනරීක්ෂණ  (recorrectio) ප්‍රතිපල මෙතෙක් ලැබී නැතැයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න පවසන්නීය.

'' ඒ හේතුවෙන් දරුවන් විභාගයට ඇයදුම් කරන්නේ නෑ. විෂයක දෙකක අඩුව නිසා උසස් පෙළ පංතියට යන්න වරම් අහිමි වෙනවා. පාස්ද ෆේල් කියලා නොදන්න දරුවෝ සමත් අයත් මුදල් වියදම් කරලා ආයේ අයදුම්කරනවා. විවිධ පාඨමාලාවන්ට යන්න ඉන්න දරුවන්ට අවස්ථා මඟහැරෙනවා.''

''නිලධාරින් ගේ වැරද්දට දරුවෝ දඬුවම් විඳිය යුතු නෑ. හැමදාම දරුවෝ පාඩුව දරාගන්න වෙලා. ඒකට ඉඩ තියන්න එපා. ඒ නිලධාරීන් ගැන පරීක්ෂණයක් කරන්න. ''

මන්ත්‍රීවරිය එබව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද (25) පැවති අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දීය.

ජාතික පාසල්වල ගුරු ඌනතාවයක්ද අතිරික්තයක් ද කියා විමසු අවස්ථාවේදී , රැස්වීමට පැමිණ සිටි රජයේ කිසිඳු නිලධාරියෙක් අසමත්වූ බවද ඇය මාධ්‍යවෙත පවසා තිබිණ.

'' ඒ ගැන ඉලක්කමක් කියන්න ඇවිත් සිටිය කිසිම නිලධාරියෙක් දැනගෙන හිටියේ නෑ. ලසන්ත අලගියවන්න ඇහුවා carder එක තීරණය කරන්නේ කොහොමද කියලා . ඒකටත් හරි උත්තරයක් නෑ. '' මන්ත්‍රීවරිය තවදුරටත් සඳහන් කර තිබිණ.

විද්‍යා පීඨ සඳහා තෝරාගත් නාම ලේඛණය තාම ප්‍රසිද්ධ නොකිරීම නිසා දරුවන්ගේ අවස්ථා මඟ හැරෙන බව මන්ත්‍රීවරිය පැවසු අවස්ථාවේදී, ලබන 10 වෙනිදාට එය පෙර ප්‍රසිද්ධ කරන බවට නිලධාරීන් පොරොන්දු වී ඇත.

''අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලට එන අය සතුටින් යන විදියට පරිසරය සකස් කරන්න. මොකද නොවිසඳුන ගැටලු ලිපිගොනු අස්සේ ගොඩ ගැහිලා. ඒකට හේතුව භෞතික සම්පත් හිඟයද මානව සම්පත් හිඟයද වෙන හේතුවක්ද කියලා හොයන්න. නොවිසඳුන ගැටලු හඳුනා ගන්න අන්තර්ජාලය භාවිතා කරන්න...'' යයිද මන්ත්‍රීවරිය එම රැස්වීමේදී යෝජනාකර ඇත.

ලංකාවේම 35000 ආසන්න ගණනක් ගුරුවරුන් ද විදුහල්පතිවරුන් 4718 ද අධ්‍යාපන පරිපාලන සේවයේ 500කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපන පරිපාලන සේවයේ ඌනතාවයක් පවතින බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.


''විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්න''

මේ අතර විභාග කොමසාරිස්වරයා, අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විදුහල්පති වරුගෙන් ඉල්ලීමක් කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ -2022  (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර පවසයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්