ආගම්වාදයක් ඇති කිරීම පවතින ගැටළු වසා දැමීම සදහා සිදුකරන සැලසුම් සහගත

ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

'නිදහස ජනතා සභාව' අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

''මේ වන විට සංවිධානාත්මක කල්ලි මතු වෙලා තිබෙනවා. පසුගිය දවස් 12 ට වෙඩි තැබීම් 10 ක් සිදුවෙලා තිබෙනවා. අතීතය අරගෙන බැලුවත් රනිල් වික්‍රමසිංහ මහතා බලයේ ඉන්න කාලවල මෙවැනි තත්ව ඇති උනා. එතුමා ඉන්න කාලයට පාතාල කල්ලි උඩ එනවා

පාතාල කල්ලි සහ රනිල් මහතා අතර සම්බන්ධයෙන් අලුතෙන් පටන් ගත්ත එකක් නොවෙයි.

මේ හදන්නේ නැවත රගපාන්න ද කියලා හිතෙනවා.

ත්‍රස්ත පනත ගේන්න හදනවා, හිතා මතාම සංවිධානාත්මක අපරාධ සිදු වෙන්න හරින්නේ මේ වගේ පනත් ගේන්න අවශ්‍යයි කියන තැනට පාර කපන්න ද කියලා හිතෙනවා.



''දැන් කතා කරන්නේ ජෙරම් ගැන, නතාෂා ගැන. මේවා කරන්නේ හිතා මතාම ද කියලා ගැටලුවක් තිබෙනවා. මේ හරහා උත්සාහ කරන්නේ රටේ ප්‍රශ්න අමතක කරන්නද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ජාතිවාදය අවුස්සා අනිත් ප්‍රශ්න අමතක කරන්න උත්සාහ කරන්න හදනවා.''



''ටොයියෝ බය්යො කයියෝ එකතු වෙන්න ඕන''

නතාෂා ලා ජෙරම් ලා ඉදිරියට එන්නේ රනිල් ගේ නාටකයේ කොටසක් ලෙසයි. නතාෂා ලා අරගලයේත් හිටියා. දැන් මේ නතාෂා ලා කරන්නෙත් රනිල් ට අවශ්‍ය දේ. මේ කරන්නේ රනිල් ගේ ආණ්ඩුව ආරක්ෂා කරන්නයි.

මේ හොරු එලවන්න නම් ටොයියෝ බය්යො කයියෝ එකතු වෙන්න ඕන.

මේ හොර ගොයියෝ දෙවියෝ විකුනලා හරි බලය රැකගන්නයි හදන්නේ.

කපුටාගේ උද්දච්ච තීන්දු හා ක්‍රියාමාර්ග කපුටා නැතත් තාමත් කරගෙන යනවා.

ජෙරම් ෆාස්ටර් හා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. දෙන්නම කරන්නේ ජාතිවාදය ඇවිස්සීමයි.

මේ ජාතිවාදී නාට්‍ය ලියන්නේ රනිල් රාජපක්ෂලාමයි.

මේ හරහා මාධ්‍යයත් මර්ධනය කරාවි.
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්