ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයාට පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇත.


මෙම කැබ් රථයේ හිමිකරුවා යුද හමුදා මේජර්වරයකුගේ බවද පොලිසිය පවසයි.

මේජර්වරයා මෙම කැබ් රථය කොල්ලුපිටිය කුලී රථ සපයන ආයතනයකට කුලී පදනම මත ලබාදී ඇති බවත් සැකකරුවන් එය කුලී පදනම මත ලබාගෙන මෙම අපරාධය සඳහා රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා මෙම කැබ් රථයෙන් බොරැල්ල හරස් මාර්ගය වෙත පැමිණ කැබ් රථයෙන් බැස එතැන් සිට යතුරුපැදියකින් බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ මෙම අපරාධය සිදුකර ඇතැයි ද පොලීසිය කියයි.

මෙම ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සිව් දෙනකු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.


ඝාතන සැකකරුගේ ඡායාරූපය පොලීසිය නිකුත් කරයි 



මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකුගේ තොරතුරු ලබාගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුවු වෙඩිතැබීම සම්බන්ධයෙන් එම සැකකරුවෙකු හඳුනාගෙන ඇති බවය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී - 56 ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකරමින් පවතී.

ඒ අනුව හඳුනාගෙන ඇති ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ලංකා ඒකනායක නැමති 33 හැවිරිදි එම පුද්ගලයා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු වෘත්තියෙන් සමාජ ශාලා කළමනාකරුවෙක් බවත් වම් අතේ පහළ බාහුවේ මැණික් කටුවේ සිට ඉහළට උඩු අතට කුරුල්ලෙකුගේ පිහාටු රුව කළු පාටින් පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ද  පොලීසිය ඉල්ලීමක් කරයි.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය - 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය - 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකක 1 - 071 8596503

PMD 2023.05.30
 

JW


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්