යුද්ධයෙන් ජිවිතක්ෂයට පත් සියලු දෙනා වෙනුවෙන් පොදු ස්මාරකයක් ඉදිකිරීමේ ආණ්ඩුවේ යෝජනාවට

දෙමළ දේශපාලන පක්‍ෂ නායකයන් එක්සත්ව විරෝධය පළකර තිබේ.

'' යුද්ධ කරපු අයයි ඉන් පීඩාවට පත් ජනතාවයි එකට සළකා පොදු ස්මාරකයක් ඉදි කිරීම තුලින් යුද්ධයෙන් බරපතල ලෙස හානියට පත් දෙමළ ජනතාවට කරන බලවත් අසාධාරණයක්,'' බව දෙමළ දේශපාලන පක්‍ෂ නායකයෝ පෙන්වා දෙති.

"යුද්ධ කරපු අයයි, මරාදාපු අයයි එකට සමරන්නෙ කොහොමද?"

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක, ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, සෙල්වම් අඩෙයික්කලනාදන්, තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ  නායක, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු දෙමළ දේශපාලන නායකයන් ඒකාබද්ධ නිවේදනයක් මගින්  කියා සිටින්නේ ආණ්ඩුවේ යෝජිත පොදු යුද ස්මාරකය තමන් පිළිනොගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් වලින් මිය ගිය "සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජියන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියළු පුද්ගලයන් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක්, සංහිඳියාවේ සහ ප්‍රතිසංධානයේ සංකේතයක් ලෙස" කොළඹ නගරය තුළ ඉදිකිරීමට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කර තිබිණි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවී ඇති මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන දෙමළ දේශපාලන නායකයන් පෙන්වා දෙන්නේ දෙමළ ජන සංහාරයට දායකවුවන් ද සමග එකට සිහිපත් කිරීම කිසිදිනෙක කළ නොහැකි බවයි.

රජයේ හමුදා ගෙනගිය ජන සංහාරක යුද්ධයේ දී නායකත්වය හෙබවූවන් විසින් යුධ අපරාධ, මනුෂත්වයට එරෙහි අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ජාත්‍යන්තරව එල්ලවූ චෝදනා නිසා දැනටමත් ඇතැම් යුද නායකයන්ට එරෙහිව යුරෝපයට හා ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කර තිබේ.  

zdflkjsld

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්