තරුණයෙකු පැහැරගෙන ගොස් සාපරාධී ලෙස බිය ගන්වන ගන්වන ලදැයි හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීම සීසීටීවී දර්ශන උපයෝගිකර ගනිමින් සිදු කර ඇත.


ඒ, එම නඩුව පිළිබඳව සාක්ෂි විමසීම ජුනි 01 දා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

වෙළඳසැලේ ඇති සීසීටීවී දර්ශන උපයෝගි කර ගනිමින් මෙසේ සාක්ෂි ලබාදී ඇත්තේ එසේ පැහැරගැනීමට ලක් වූයේ යැයි කියන අමිල ප්‍රියංග අමරසිංහ නැමැත්තාය.

දෙමටගොඩ රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගෙන ගොස් පහරදී, සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර එම සිදුවීම සිදුවී ඇත්තේ 2005 වසරේ දෙසැම්බර් මාසයේදීය.

මෙම නඩුව කැඳවූ මුල් අවස්ථාවේම හිරුනිකාගේ ප්‍රේමචන්ද්‍රගේ රැකවලුන් චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබිණි.

(අනිද්දා- anidda.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්