leader s

තම පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ කරගන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.


තමාගේ බිරිද දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පළවන තරයේ වාර්තා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියි.

ඔහු පැවසුවේ කිසිදු දිනක තම බිරිද දේශපාලනයට පිවිසීම සම්බන්ධ අදහසකින් පසු නොවන බවයි.

ඇය නිරන්තරයෙන් සමාජ ක්‍රියාකාරිනියක ලෙස පමණක් කටයුතු කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

මෙරට ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තම බිරිද නිරන්තරයෙන් කැපවී සිටින බව පැවසු විපක්ෂ නායකවරයා, තමා හෝ තම බිරිද පවුල් දේශපාලනයට සම්බන්ධ නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

(nethnews.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්