ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ඊයේ රාත්‍රියේ (ජුනි 2) දුම්රිය තුනක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරින්

මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 238 දෙනෙකු මියගොස් 650 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.


බලසොර් දිස්ත්‍රික්කයේ අනතුර සිදු වූ ස්ථානයට ගිලන් රථ 200 කට වැඩි ප්‍රමාණයක් යොමු කර ඇති බව ඔඩිෂා ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් ජෙනා පැවසුවේය.

සිකුරාදා රාත්‍රියේ පීලි පැනීමකට ලක්වූ මගී දුම්රියක් යාබද මාර්ගයේ ගමන් කරමින් තිබු තවත් දුම්රියක ගැටී ඇත.

මෙම සියවසේ දී ඉන්දියාවේ සිදුවූ දරුණුම දුම්රිය අනතුර මෙය වේ. සිදුවීමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

xdgfsert4

කොරෝමැන්ඩල් එක්ස්ප්‍රස් සහ හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් යන දුම්රිය දෙක මෙලෙස අනතුරට මුහුණ පා ඇති බව ඉන්දීය දුම්රිය සේවය තහවුරු කර තිබේ.

ඔඩිෂා ප්‍රාන්තයේ ගිනි නිවන සේවා අධ්‍යක්ෂ ජනරාල් සුධන්ෂු සාරංගි මීට පෙර පවසා තිබුණේ පැවසුවේ මියගිය සංඛ්‍යාව 288 ක් බවයි.

ගිලන්රථ 200 කට වැඩි ප්‍රමාණයක් සහ වෛද්‍යවරුන්, හෙදියන් සහ ගලවා ගැනීමේ නිලධාරීන් සිය ගණනක් එම ස්ථානයට යවා ඇති බව ප්‍රාන්ත ප්‍රධාන ලේකම් ප්‍රදීප් ජෙනා පැවසීය.

මෙම සිදුවීමෙන් තමන් දැඩි කම්පාවට පත්ව ඇති බවත්, තම සිතුවිලි විපතට පත් පවුල් සමඟ බෙදාගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කොට තිබේ.

"අනතුර සිදුවූ ස්ථානයේ මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් විපතට පත් වූවන්ට හැකි සෑම උපකාරයක්ම ලබා දෙන බවත්," ඔහු වැඩිදුරත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.

මේ අතර, මෙම සිද්ධිය "දැඩි වේදනාකාරි" එකක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කර සිටියි.

"අනතුර සිද්ධ වෙච්ච වෙලාවේ මිනිස්සු 10 ක් 15 ක් මගේ ඇග උඩට වැටුණා.හැමදේම පාලනය නැතිව ගියා. මම හිටියේ මිනිස්සු ගොඩේ යටටම වෙන්න " දිවි ගලවා ගත් එක් පිරිමි පුද්ගලයෙකු පැවසුවේය.

"මගේ අතටයි මගේ බෙල්ලේ පිටිපස්සටයි තුවාල වෙලා තිබ්බා. මම කොච්චි පෙට්ටි යටින් එළියට එනකොට මම දැක්කා කෙනෙක්ගේ අතක් නැතිවෙලා තියෙනවා, තවත් එක්කෙනෙක්ගේ කකුලක් නැතිවෙලා, තව කෙනෙක්ගේ මුහුණ විකෘති වෙලා ගිහින්," දිවි ගලවා ගත් පුද්ගලයා ඉන්දියාවේ ANI පුවත් ඒජන්සිය වෙත පවසා තිබේ.

ඔඩීෂා ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.


xfgreeඡායාරූප මූලාශ්‍රය, REUTERS


ෂලිමාර් - චෙන්නායි අතර ධාවනය වෙමින් තිබු කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය ඊයේ ඉන්දීය වේලාවෙන් රාත්‍රී 7.00ට පමණ (13.30 GMT) පීලි පැනීමට ලක්වී ඇති බව විශ්වාස කරන අතර, එහි දුම්රිය මැදිරි කිහිපයක් යාබද මාර්ගයේ නතර වී තිබේ.

යස්වන්ත්පූර් සිට හවුරා දක්වා ගමන් කරමින් තිබු තවත් දුම්රියක් වන හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් - එලෙස පෙරළුණු මැදිරිවල ගැටෙන්නට ඇතැයි සැලකේ.

සිද්ධියට අදාළ ස්ථානයේ නවතා තිබූ භාණ්ඩ දුම්රියක් ද මෙම අනතුරට සම්බන්ධ බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කොට ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නැත.

අනතුරෙන් දිවි ගලවා ගත් ඇතැම් මගීන් සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමට යුහුසුළුව කටයුතු කරමින් සිටිනු අයුරු දක්නට ලැබුණි.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් ප්‍රවාහනය කිරීමට දේශීය බස් සමාගම් ද සහාය වෙමින් තිබේ.

BBC දකුණු ආසියානු කලාපීය සංස්කාරක අන්බරසන් එතිරාජන් පැවසුවේ ලෝකයේ විශාලතම දුම්රිය ජාලයක් ඇති ඉන්දියාව තුළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අනුප්‍රාප්තික රජයන් ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කළ ද අනතුරු බහුලව සිදුවන බවයි.

1981 දී, බිහාර් ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවක් අතරතුර, මගී දුම්රියක් පීලිවලින් ඉවතට ගොස් ගඟකට වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 800 ක් මිය යාම මෙතෙක් ඉන්දියාවේ වාර්තා වූ දරුණුතම දුම්රිය ව්‍යසනය ලෙස සැලකේ.


(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්