විභාග ක්‍රමයේ වෙනසක් සඳහා ප්‍රායෝගික විකල්ප සම්බන්ධයෙන් වූ කතිකාවක් ජූනි 04 ඉරිදා, අද සවස 5:00 – 7:00 සුම් යෙදුම ඔස්සේ සිදු කෙරේ.

(ඉදිරිපත් කිරීම හා මෙහෙයවීම : ආචාර්ය සුජාතා ගමගේ)

ප්‍රතිචාර දැක්වීම:

බද්‍රා විතානගේ , අධ්‍යක්ෂ, අධ්‍යාපන අමත්‍යංශය
චන්ද්‍රසිරි අතුකෝරල, විභාග කොමසාරිස් (හිටපු)
පී. එම්. එන්සී. පී  මැණිකේ, විදුහල්පතිනි

PHOTO 2023 06 04 11 53 12

හැදින්වීම:

ඉදිරි වසර 25 සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද දරන අනුකමිටුවට ප්‍රතිපත්ති සංග්‍රහයක් සකස් කිරීම සඳහා සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය හා ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය එක්ව කතිකා මාලාවක් පැවැත්වීමට අදහස් කෙරේ.  

එම කතිකා මාලාවේ පළමුවැන්න මැයි 23 වන දින ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ ප්‍රධානත්වයෙන් විදෙස් විද්වතුන්ගේ දායකත්වය ඇතිව  “උසස් අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම සපුරාලීම” යන මාතෘකාව යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලදී. මේ පැවැත්වෙන්නේ දෙවැන්නයි .

වර්තමාන ජාතික විභාග ක්‍රමය රටට දරාගත නොහැකි ය. අ.පො.ස. සා.පෙළ විභාගයෙන් විෂයන් 50 කට වැඩි ගණනක් ආවරණය වන අතර, ඒ සෑම එකක්ම භාෂා දෙකකින් හෝ තුනකින් ලිඛිත ප්‍රශ්න පත්‍ර දෙකක් ලෙස ඉදිරිපත් කෙරේ. අ.පො.ස උසස් පෙළ විෂයන් 60 කට වැඩි ගණනක් ඒ ආකාරයෙන්ම ආවරණය කරයි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු වල යෙදුනු ගුරුවරුන්ට ඔවුන්ගේ සේවය වෙනුවෙන් තවමත් දීමනා ගෙවා නොමැති අතර මෑතකදී අවසන් වූ විභාග ප්‍රශ්න පත්‍රවල ලකුණු කිරීම සඳහා ගුරුවරුන්ගේ සහාය ලබා ගැනීම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇත. 

 ඇත්තෙන්ම වසර ගණනාවක් තිස්සේ රටට බල පෑමට  නියමිත ආර්ථික අර්බුදයක් ඇති  සන්දර්භයක් තුළ මෙවැනි ජාතික මට්ටමේ විභාග රාශියක් අප විසින් පවත්වන්නේ මන්දැයි අප විසින් විමසිය යුතුය. එක්සත් රාජධානියේ සමාගමක් විසින් පවත්වන එඩ්එක්සෙල්  විභාගය, ලොව පුරා සිටින සිසුන්ට අදාළ වන ජාත්‍යන්තර විභාගයක් වූවත් එයින් විමසෙන්නේ හතලිකට නොවැඩි විෂයයන් ගණනකි . ලංකාවේ අ.පො.ස. උසස් පෙළට සමාන චීනයේ ගාඕකාඕ විභාගයෙන් හර විෂයයන් අටක් සහ විදේශ භාෂා හයක් පමණක් ඉදිරිපත් කෙරේ.

ආර්ථික සාධක වලට අමතරව  වත්මන් ජාතික විභාග 21 වැනි සියවස සඳහා නුසුදුසු බව නැවත නැවතත් අධ්‍යාපනඥයින් විසින් පෙන්වා දී ඇත. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2014 සහ 2016 වසරවල ප්‍රකාශයට පත් කරන ලද ලේඛන මගින් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට සහ විභාග ක්‍රමයේ වෙනස් කිරීම් සඳහා නිශ්චිත නිර්දේශ ලබා දී ඇති නමුත් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මෙම නිර්දේශ බොහෝ දුරට නොසලකා හරිනු ලැබේ. බොහෝ විට සියගණනක් දක්වා දිවෙන මෙම නිර්දේශවල උපායමාර්ගික අවධානයක් නොමැතිකම එක් හේතුවක් විය හැකිය. උදාහරණ ජාතික අධ්යානප කොමිසම විසින් 2010-2030 සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ලෙස ඉදිරපත් කළ ලේඛනයේ "උපාය මාර්ග" හයසිය ගණනකට වැඩි ගණනක් ලැයිස්තුගත කර ඇත.

තුන්වෙනුව, උසස් අධ්‍යාපනය ඉලක්ක කර පවත්වන මේ ජාතික විභාග පද්ධතියෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ නොමිලේ අධ්‍යාපනයක් සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට  ඇතුලත් කරගන්නා 10% කට අඩු සිසුන් ප්‍රතිශතයකට  පමණි.

2017 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුව සඳහා උපාය මාර්ගික සැලැස්මක් සෑදීම සඳහා පත් කළ විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාවේ ජාතික විභාග සමස්ත සිසු ජනගහනයට වඩා අදාළ කිරීම සඳහා උපාය මාර්ගික නිර්දේශ හතරක් ඉදිරිපත් කර ඇත. ඒවා කලින් ඉදිරිපත් වී තිබුණු  නිර්දේශව ල සංස්ලේෂණයක් බව මෙහි සඳහන් කළ යුතුය

එම කමිටුවේ සාමාජිකත්වය දැරූ ආචාර්ය සුජාතා ගමගේ විසින් එම  යෝජනා ඉදිරිපත් කර එම යෝජනාවල දුර්වලතා ඇත්නම් ඒවා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීම සඳහා කතිකාවට සහභාගී වන සම්පත් දායකයින් තිදෙනෙකුගෙන් හා සහභාගී වන අනිකුත් අයගේ අදහස්  ලබා ගැනීම මෙම කතිකාවේ අරමුණයි.

සාකච්ඡාව භාජනය වීමට නියමිත යෝජනා පහත දැක්වේ.

1. අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ජාතික විභාග දිගටම පැවැත්වෙන මුත් එම විභාග පාසල් සිසුන්ට අනිවාර්ය නොවේ.  උසස් අධ්‍යාපනය හදාරන සිසුන් හෝ වෙනත් හේතු නිසා ශාස්ත්‍රීය සුදුසුකම් අවශ්‍ය අය තම අභිමතය අනුව එම විභාග වලට පෙනී සිටිනු ඇත. එම විභාගය තුලින් හර විෂයයන් 10 කට නොවැඩි ගණනක් සදහා    පාසල් විෂය මාලාව ආවරණය වනු ඇත. ඊට අමතරව ජාතික විභාග දෙපාර්මේන්තුව විසින් පාසල් අධ්‍යාපනයේ පිළිවෙලින් 5, 9, 11 සහ 13 වසර සම්පූර්ණ කරන සිසුන්ගේ මවුබස, ගණිතය හා ඉංග්‍රීසි විෂයයන් සඳහා එක එක අවධියට  අත්‍යවශ්‍ය නිපුණතා සාධනය පිලිබඳ පරීක්ෂණ පවත්වනු ඇත.
 
2. පාසල් අධ්‍යාපනයේ පිලිවෙලින් වසර 5, 9, 11 සහ 13 සම්පූර්ණ කරන සියලුම සිසුන්ගේ එක් එක් අධ්‍යාපන අවධිය සම්පූර්ණ කිරීම පිළිබඳ පූර්ණ අධ්‍යාපන සාධන වාර්තාවක් නිකුත් කිරීමට සෑම පාසලක්ම බැදී සිටී.  

වසර 13ක පාසල් අධ්‍යාපනයේ ඕනෑම අවස්ථාවක කිසියම් හේතුවක් නිසා පාසල හැර යන සිසුන් සඳහා මෙම සහතික පාසල් හැර යාමේ සහතික ලෙස සැලකිය හැක. මෙම සහතික පළාත් අධිකාරියේ අධීක්ෂණයට  යටත්ව එක් එක් පාසැල මගින් නිකුත් කෙරේ. මෙම සහතිකයක ට (1) සිසුවාගේ ශ්‍රේණි මට්ටමට අදාළ  අත්‍යවශ්‍ය නිපුණතා ජාතික සහතිකය (2) සියලුම විෂයයන් සඳහා පාසල් පාදක ඇගැයීම් වල ප්‍රතිඵල  (3) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල, තිබේ නම්,  හා (3) සිසුවකුගේ සියලු විෂය සමගාමී සහ විෂය බාහිර හපන්කම් කැටි කර පෙන්වන ශිෂ්‍ය වාර්තා පොතක් මෙම වාර්තාවට ඇතුළත් වනු ඇත.

3. ජනප්‍රිය පාසල්වල ස්ථාන ප්‍රදානය කිරීම සඳහා භාෂාව සහ ගණිතය පිළිබඳ ඉහළ පෙළේ නිපුණතා පමණක් විමසන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්වෙනු ඇත. එම ප්‍රදනයන්ට ලැබීමට  වසර 5 අද්යපපන් සාධන සහතිකය අනිවාර්ය වේ.

4. පාසල්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇගයීම සඳහා තව දුරටත් ජාතික විභාග තුනේ ප්‍රතිඵල භාවිතා නොකෙරෙනුඅත. ඒ වෙනුවට තම සිසුන්ට අත්‍යාවශ්‍ය නිපුනතා ලබා දීම හා පාසල්  අධ්‍යාපනයේ සෑම අදියරක්ම සාර්ථක ලෙස නිම කර එක් එක සඳහා අධ්‍යාපන  සාධන සහතිකය ලබා ගැනීමට ඇත දීම  ඔවුනගේ වගකීම වනු ඇත.

 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image