leader s

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ගොනුකර ඇති රීට් පෙත්සමෙන් තීන්දුව අභියාචනාධිකරණයේදී අද (06) දින

ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන විනිසුරන්ගෙන් සමන්විත අභියාචනාචනධිකරණ විනිසුරු මණ්ඩුල්ක් හමුවේ විභාගයට ගැනීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනයට කල්තබා තිබුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන ඩයනා ගමගේ ට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධූරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත. 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්