යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත්මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) සිදුවේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සඳහන් කළේ, ඒ සඳහා සාකච්ඡාවක් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි.

ඊට පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා මනූෂ නානායක්කාර එම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත්මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඇරයුම් කර ඇති බව ඔහු පැවසිය.

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්‍යුත්මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන සංශෝධන මෙම හමුවේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත මෙන්න



''අවසන් තීරණයක් ගෙන නැහැ'' - අධිකරණ ඇමති

WhatsApp Image 2023 06 07 at 9.06.39 AM
මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුයේ, විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

''සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණයි, මාධ්‍ය ආයතනවලට ඒ සදහා අදහස් හා යෝජනා ලබා දිය හැකියි.''  යයි ඔහු පැවසුයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විකාශන නියාමන කොමිෂමක් පිහිටුවීම සදහා රජය විසින් සකස් කිරීමට නියමිත විකාශන නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නැහැ. එම කොමිසම පිහිටුවීම සම්බන්ධ මුලික කටයුතු සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. දැනට ලබා දී ඇති ගුවන් විදුලි නාලිකා සම්බන්ධ බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතත යටතේයි. රූපවාහිනී බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතෙහි ප්‍රතිපාදන අනුවයි.

ඒ නිසා මේ බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපති ලෙස මමත්, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා හා වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාත් කටයුතු කරනවා. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා. මේ සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණයි. ඒ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීම සිදු කිරීමට නියමිතයි.

මේ යෝජනා සම්බන්ධ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකියි. එළඹෙන 07 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ පිළිබදව විශේෂ සංකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා. මේ සකස් කර තිබෙන්නේ කෙටුම්පතක් නොවෙයි යෝජනා මාලාවක් පමණයි මේ සම්බන්ධව යෝජනා ලබාදීමේ හැකියාව මාධ්‍ය ආයතනවලට තිබෙනවා. ඒ නිසා දැන් මේ පිළිබදව සාකච්ඡා කිරීමෙන් තේරුමක් නැහැ. මේ ගැන සියලු මාධ්‍ය ආයතන සමග සාකච්ඡා කර යෝජනා ලබාදීමේ අවස්ථාව පවතින බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.''

 
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්