කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.



ඒ , අද (07) උදෑසන 11.00 සිට සවස 6.00 දක්වා අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය, ජනපති පුද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමිනි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) පාගමනින් කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ දැමීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබා දීම, මාස පහක් තිස්සේ සිරගත කොට සිටින කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම, ජීවන වියදම් පහළ හෙළීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම හා ප්‍රතිත්‍රස්ත පනත ඉවත දැමීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගනිමින් අන්තරේ ද සිය විරෝධය පළ කිරීම සඳහා තම පාගමන සංවිධානය කොට තිබේ.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්