1200 x 80 DMirror

රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.


නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවය.

එසේම මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදනය ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද රජය දන්වා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ නිවේදනය පහතින්.

PMD

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් අවධාරණය කළ බව ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පත වාර්තාකර ඇත.

ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජයට පිළිගැනීමට නොහැකිවනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් ජුනි 09 දාම ජනාධිපති වික්‍රමසිංහ වෙත යැවීමට ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් මේ වන විටත් රජයට හිමි වී ඇත්තේ 49% ක කොටසක් පමණක් බවත් එම තත්ත්වය යටතේ ටෙලිකොම් ආයතනයෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන ආකාරය ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව නැතැයි 'සිළුමිණ' වාර්තා කර ඇත.

එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව තමන් නොදුටු බවට කමිටු සාමාජිකයන් ගණනාවක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇම­ැතිවරුන්ට සැල කර තිබෙන බවත්, මේ තත්ත්වය යටතේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ද උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය