අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම

දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ සමඟ ළගදීම සාකච්ඡා කරන බව නිදහස් ජනතා සභාවේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කඹුරුපිටියේ පැවති ජන හමුවකදීය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

'' මේ අසංවේදී අත්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩ නැගිය යුතුයි. එහි ආරම්භයක් විදියට අප නිදහස ජනතා සභාව විපක්ෂයේ ප්‍රධාන ධාරාවන්වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙන්ම  අනෙකුත් සියලුම ලොකු කුඩා විපක්ෂ  බලවේග සියලු දෙනා එක්ක කතා කරන්න සූදානම්.

පාලමේ සමරුපලකය ගහනවට වඩා, පාලමෙන් එතෙරවීමට පොර කෑමට වඩා, පාලම ඉදිකිරිමට නායකත්වයදීම නිදහස සභාවේ කැපවීමයි. මේ සඳහා කාටත් එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කරගත යුතුයි. පුද්ගලයොත් එක්ක නොවෙයි. පක්ෂත් එක්ක නොවෙයි. අපි වැඩපිළිවෙළක් එක්ක එකතු වෙමු. මේකයි, මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ඉහළම සාධාරණය.''

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්