සංස්කෘතික සංහිදියාව ජනගත කිරීමේ විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කතිකාවෙහි සමාරම්භක වැඩ සටහන අධිකරණ අමාත්‍යාංශයේදී ජුනි 15 ආරම්භ වෙයි.



ශ්‍රී ලාංකේය ජන සමාජය බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික හා බහු භාෂක වශයෙන් පවතින අතර සියළු ජාතීන් හා සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව සහ සහෝදරත්වය තහවුරු කිරීම සඳහා රජයේ ප්‍රමුඛ කාර්යක් ලෙස සලකා අධිකරණ අමාත්‍යංශය විසින් දිස්ත්‍රික් පළාත් හා ප්‍රාදේශිය මට්ටමින් සෑම පළාත් ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම, ප්‍රාදේශිය ලේකම් කාර්යාලකයම එකම දින, එකම වේලාවක, සංස්කෘතික සංහිඳියාව ජනගත කෙරෙන විශ්ව සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශණය කර ඒ පිළිබඳව විද්වත් කථිකා වැඩ සටහනක් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සංහිඳියා වැඩසටහනක් සංවිධානය කර තිබේ.

 

පලාත් ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම එකම දින එකම වේලාවට සැම මසකට වරක්ම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

 

එහි  සමාරම්භක වැඩ සටහන ජුනි 15 වන දින පෙරවරු 9.30 ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, කළු- සුදු වාර්ගික ගැටුම් සමනය කළ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ සමාජ දර්ශනය අළලා නිර්මාණය කර ඇති INVICTUS චිත්‍රපටය එදින , ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.



සාමය හා සංහිඳියා වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ලෙස ජනගත කිරීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සියළු ජාතීන්ගේ සහය ලබාගැනීම, ඉලක්ක කර දකුණූ අප්‍රිකාණු සාමය හා සංහිඳියා වැඩපිළිවෙල හා එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේද සියළු ජාතීන් අතර බෙදා ගැනීම තේමා කරගත් ජාතික ඒකාබද්ධතා හා සංහිදියා වැඩසටහන අනුව යමින් දිවයිනේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රධාන ලේකම් කාර්යාලවල මසකට වරක් විශ්ව සම්භාවනාවට පත් සංහිදියාව තේමා කරගත් චිත්‍රපටයක් ප්‍රදර්ශණය කර ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ දැනුවත් කිරීමක්  කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

 

චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සෑම මසකම තුන්වන සතියේ බ්‍රහස්පතින්දා දින පෙරවරු 9.30 ට ආරම්භ වන අතර, ඊට සමගාමීව පැවැත්වෙන විද්වත් කතිකාව Zoom ඔස්සේ පැවැත්වෙයි.

 

අධිකරණ අමාත්‍යාංශයේ පැවැත්වෙන චිත්‍රපටි ප්‍රදර්ශන සමාරම්භක උත්සවයට සමගාමීව ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, සංස්කෘතික අධ්‍යක්ෂවරුන්, ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සෑම පළාත් ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම උත්සවයක් පැවැත්වෙන අතර, INVICTUS චිත්‍රපටය පිළිබදව විචාර දේශනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් විසින් පවත්වනු ලබයි.



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්