තිස් හත් වසරකට පෙර යුද අනාථයන්ට වියළි සළාක රැගෙන යමින් සිටිය දී රජයේ හමුදා මගින් මරා දැමුණු විසි එක් දෙනකුගේ සමරුවක් වෙරුගල් හිදී පවත්වා තිබේ.


උන්හිටි තැන් අහිමි ව කඳවුරුවල විසුවන්ට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්ගේ අණට අනුව වියළි සළාක රැගෙන යමින් සිටි ඊච්චලම්පත්තු රජයේ නිලධාරින් ඇතුළු ඔවුන්ගේ සහායකයන් දහඅට දෙනකු කපා කොටා වෙඩි තබා මරා දැමීම ගැන මෙතෙක් යුක්තිය ඉටු වී නොමැත.

රජයේ නිලධාරින් තුන් දෙනා ඇතුළු සෙසු අයගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් මල් පුදා පහන් දල්වා 12 දා අනුස්මරණය කරනු ලැබුවේ ඔවුන් සිහිවනු පිණිස වෙරුගල් ස්මාරකය අභියස දියි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමැති ධුරයක් හෙබවූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු පාලන සමයේ 1986 ජුනි 12 වැනිදා මොවුන් මරා දමා ඇත්තේ සේරුවිල සිට ඊච්චලම්පත්තු දක්වා ගැල් මගින් ආහාර ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී මහින්දපුර ප්‍රදේශයේදී බවයි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්වුන් පවසන්නේ.

ඝාතනයට ලක්වූ රජයේ නිලධාරින් ඇතුළු විසි එක් දෙනාගෙන් 19 දෙනෙක් දෙමළ ජාතිකයන් වන අතර සෙසු දෙදෙනා මුස්ලිම් ජාතිකයන්ය.

මෙම පිරිසෙන් දිවි ගලවා ගත් තුන්දෙනෙක් තමන් ඇසින් දුටු දේ පොලිසිය ඇතුළු වගකිව යුතු ආයතන වෙත දැනුම් දී තිබුන ද මෙතෙක් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැත.

ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් වුවන් පවසන්නේ යුද හමුදාවේ සහයෝගය ලැබූ රන්බණ්ඩා නම් ග්‍රාමාරක්ෂකගේ  නායකත්වයෙන් යුත් කණ්ඩායමක්  යුද අනාථයන් වෙත ආහාර රැගෙන යමින් සිටි පිරිසේ මග හරස් කොට ප්‍රධාන මාර්ගයෙන් මීටර් පනහක් පමණ එපිටට රැගෙන ගොස් කපා කොටා පසුව වෙඩි තබා මරා දැමූ බවයි.

වෙරුගල් ඊච්චලම්පත්තු ප්‍රදේශවලට  එල්ල වූ රජයේ හමුදා ප්‍රහාර වලින් උන් හිටි තැන් අහිමිව දිවි ගලවා ගෙන පලාගිය දහස් ගණන් ජනයාගෙන්  යුත් පූමඩිත්තචේනෛ සහ මාඩත්තලචේනෛ අනාථ කඳවුරු දෙකක් පිහිටුවා තිබිණි.

මේ යුද අනාථයන්ට ලබා දෙන වියළි ආහාර සෑම සතියකට වරක්ම සේරුවිල සිට කරත්ත මගින් වෙරුගල් වෙත රැගෙන ඒම සිදුවන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්ගේ අනු දැනුම අනුවයි. ජුනි 12 ප්‍රහාරයේදී ඝාතකයන් විසින් වියළි ආහාර ද කොල්ලකා ඇත. 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්