ශ්‍රී ලාංකික ඩිජිටල්කරණ ප්‍රතිපත්තියෙහි පළමු පියවර ලෙස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (15දා) ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහාභාගීත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.

විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයැදුම් කිරීමට මේ සමග අවස්ථාව සැලසේ.

ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකට ම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා මහජනතාවට අවශ්‍ය සියලු ම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

“විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්. ඊළග වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයක ම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකමැතියි. නමුත් මේ සියලු දෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින් ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.

මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාර දී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැදුනුම්පත් ලබා දීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.''

{gallery}Media Freedom{/gallery}

උත්සව සභාව ඇමතු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මෙසේ පැවසිය.

“ජනාධිපතිතුමා මට මේ අමාත්‍යංශය භාර දෙනවිට ආයතන හතරක් භාර දුන්නා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පිළිබඳ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අධිකාරිය එම ආයතන හතර වෙනවා.

එම ආයතන ලබා දීමේදී ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දුන්නේ මහජනතාවට හරිහමන් සේවාවක් සැපයීම විධිමත් කරන්න කියලයි. මීට මාස ගණනකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව ගාව විශාල පෝලිම් තිබුණා. ඩිජිටල්කරණය හඳුන්වාදීම මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මීට මාසෙකට පෙර සිට පෝලිං නැති කිරීමට අපට හැකි වුණා. අද අප මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. මෙම මාර්ගත ක්‍රමය ඔස්සේ දවස් තුනෙන් බලපත්‍ර ලබා ගන්නා අය සඳහා රුපියල් 15,000කටත්, දින 14න් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට රුපියල් පන් දාහකටත් බලපත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේ ම ඉදිරියේදී සුහුරුපාය ගොඩනැගිල්ල තුළ ජනතාවට උපතේ සිට මරණය දක්වා අවශ්‍ය ලිපි ලේඛන එක වහලක් යටින් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.”

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්