අරගලය හේතුවෙන් ලංකාවේ සිදුවෙමින් තිබෙන පරිවර්තන සඳහා නිශ්චිතව වගකිව යුත්තේ අරගලකරුවන්ය.

 

උදාහරණයක් ලෙස දමිතා අබේරත්න නමැති අරගල නායිකාව “මම ආවේ ගෝටාගෝහෝම් කරන්න විතරයි” කියා පවසා එහෙම ලෙහෙසියෙන් සිය වගකීමෙන් ගැලවිය නොහැකිය. ඇය ඇතුළු සියලු අරගලකරුවන් දැන් සහ මතුවට මෙරට ඇතිවෙන සියලු අර්බුද සඳහා සෘජුව වගකිව යුතුය.



නිර්මාල් දේවසිරි යනු අරගලයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයෙකි. අරගලයට සම්බන්ධ වූ විශාල පිරිසක් ඔහු සරණ ගොස් සිටියෝය. අරගල භූමියේ සිට “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියමින් අරගලකරුවන් ප්‍රචණ්ඩත්වයට පෙළඹවූ නිර්මාල් දැන් හැසිරෙන්නේ බබා පාර්ට් එකෙන්ය. හරහට අරගෙන නළවන්න…

හරිනම් මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් තහවුරු කරන ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට වාචිකව සහ ලිඛිතව අනුබල දුන් අයෙකු ලෙස ඔහු රාජ්‍ය සේවයෙන් පහ කර අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු දඬුවමක් පැමිණවිය යුතුය. නමුත් ඔහු වැනි කොළඹ සමාජයේ වරප්‍රසාද ලත් ප්‍රභූන් සිය අධිපති බලය පාවිච්චි කොට නිදහසේ සිටියි. ව්‍යවස්ථාව උල්ලංඝනය කළ තරුණයන් රැකියා අහිමිව සිරගෙවල් තුළ දඬුවම් විඳියි. මහලොකු සමානාත්මතාවය!



රනිල් වික්‍රමසිංහ ජනපති වීම අරගලයේ සෘජු ප්‍රතිඵලයකි. සෑම අරගලකරුවෙකුම එයට අනිවාර්යෙන් වගකිව යුතුය. නිදහස් හා සාධාරණ ඡන්දයෙන් ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ත්‍රස්තවාදයෙන් බලහත්කාරයෙන් අනීතිකව ඉවත් කළේ අරගලකරුවන්ය. එසේ නොවන්නට රනිල් වික්‍රමසිංහ ජනපති නොවේ. එබැවින් රනිල් වික්‍රමසිංහ ජනපති වීම බැර වන්නේ සාහසික අරගලයේ ගිණුමටය.



රනිල් ජනපති වීම නිර්මාල්ට දරාගත නොහැකි බව අපි දනිමු. ඔහු එය අරයගෙ මෙයාගේ පිටට දමා ගැලවෙන්නට හදන්නේ නිවටයෙකු ලෙසිණි. තමන්ගේ ක්‍රියාව නිසා හටගත් ඵලය පිළිගැනීමට තරම් පිටකොන්දක් ඔහුට නොමැත. නලින් ද සිල්වාගේ පිටට රනිල්ව දමා තම හිත හදාගන්නට නිර්මාල් දරන උත්සාහය අනුකම්පා සහගතය. අතාර්කිකය. අවිද්‍යාත්මකය. අරගලයේ ප්‍රතිඵල සඳහා වගකිව නොහැකි නිර්මාල් වැනි නිවටයන් විශ්වාස කරන්නෝ මෝඩයෝය.



ගෝඨාභය ඉවත් කළ පසු එන්නේ ගෝඨාභයගේ ආර්ථික ප්‍රතිපත්තිය නොවන බව නොදැන අරගල කළා නම් ඒ අරගලකරුවා නූගත් අමනයෙකි. රනිල් වික්‍රමසිංහ යටතේ සිදුවන්නේ රොහාන් සමරජීව වැන්නවුන් දශක කිහිපයක් තිස්සේ කිරීමට දතකෑ කළු ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීම බව නිර්මාල් නොදැන සිටියා නම් නිර්මාල් මෝඩයෙකි. දමිතා හෝ රැට්ටා හෝ වැනි මුදලට විකිණෙන නූගත් නළුනිළියන්ට නම් ඒ පිළිබඳව අවබෝධයක් නොතිබුණා යැයි සිතිය හැකිය. නමුත් මෙතන මහා පණ්ඩිත ටෝක්ස් දෙන නිර්මාල් එහෙම මෝඩයෙක් නොවේ. ඔහු දැන දැනම සිදුකර ඇත්තේ පුද්ගලීකරණය ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට රනිල්ට අවස්ථාව උදා කර දීමයි. ගලේ පැහැරූ බළලා මෙන් නිර්මාල් ඒ මේ අත දඟලන හැටි අපට මැනැවින් පෙනේ.

 



“ලක් අම්මට අමාරුයි - ඉක්මනින් එන්න” කියා වසරකට පෙර පට්ට ගැසූ අරගලයේ සටන් පාඨ පවා දැන් අරගලකරුවන්ටම අමතකව ගොස් තිබෙන සැටියකි. නැත. අරගලය එහෙම ලෙහෙසියෙන් අමතක කර දැමීමට ඉඩ නොතැබිය යුතුය. අරගලකරුවන් විසින් සිදුකළ සාහසික මෝඩකම අප විසින් නැවත නැවත ඔවුන්ට මතක් කර දිය යුතුය. අරගලයේ ප්‍රතිඵල සඳහා වගකීමට ඔවුන් බැඳ තැබිය යුතුය. ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 ජූනි 17

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image