පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් නිෂ්පාදකයන් පිරිසක් එක්ව

පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සගවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිගයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.


මෙරට මහා පරිමාණ නිෂ්පාදකයන් කීපදෙනෙකු විසින් මෙලෙස කූඨ ලෙස පොල්තෙල් තොග සඟවා ගැනීම නිසා ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1000 ක් පමණවීමට ඉඩ තිබෙන බවද කොළඹ තොග වෙළෙන්දෝ පවසති.

මේවනවිට වෙළෙදපොළේ පොල්තෙල් බෝතලයක සිල්ලර මිල රුපියල් 500 ක් සිට විවිධ ගණන්වලිට තිබෙන අතර සිල්ලර වෙළෙදසල් බොහෝමයක අලෙවිකරන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර ඒවා බවද පැවැසේ.

මේවනවිට ආනයනික ෆාම් තෙල් මිල පොල්තෙල් මිලට වඩා ඉහළ නිසා ෆාම් තෙල් කවලම් කිරීමට නොහැකිවීම මත නිෂ්පාදකයන් පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමට උත්සාහ ගන්නා බවද ආරංචි මාර්ග පවසයි.

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්