ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට නැවත සිය පක්‍ෂය සමග එක්ව

කටයුතු කිරීමට තමා ආරාධනා කර සිටින බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශයක් කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත් දෙකඩවී නොමැති බව පවසන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට සහයෝගය දක්වන සිය මන්ත්‍රීවරුන් සමග එක්ව පක්‍ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ද ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත් ඉදිරියේදී එම මන්ත්‍රීවරුන්ට සිය පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.


ළඟදීම ශ්‍රීලනිපයේ ලොකු වෙනසක් !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසුයේ, දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමඟ සිදු කරන සාකච්ඡා සාර්ථක වී ඇති නිසා ඉදිරි සතිය තුළ පක්ෂයේ විශාල වෙනසක් සිදුවන බවයි.

ඉවත්ව ගිය පිරිසට නැවත පැමිණෙන ලෙසට පක්ෂ නායකවරයා විසින් සිදු කළ ආරාධනා හේතුවෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූ බවත් එම සාකච්ඡා සාර්ථක වූ බවත් හෙතෙම සඳහන් කළේය.

පක්ෂය නුදුරේදීම වෙනසකින් යුතුව ආරම්භ වන බව හෙතෙම කීය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්