භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මෙන්ම ප්‍රතිපත්ති පොලී අනුපාත තීරණය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය තුල විධිමත්, අක්‍රමිකතා වලින් තොර, විශ්වාසය තහවුරු කෙරෙන ක්‍රමවේදයක් පවත්වාගෙන

යෑමට සියලු පියවර ගෙන ඇති පසුබිමක එම ක්‍රමවේදය බැහැර කොට අනිසි පියවර ගෙන අක්‍රමිකතා කිරීමට බල කිරීමට පෙලඹවීමකට සමගි ජනබලවේගය පක්ෂයේ ඇතැමුන් යෝජනා කරන බවත් ඒ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාද, නැත්නම් වෙනත් කුමන හේතුවක් නිසාද යන්න සැකසහිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයකු පැවසීය.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පවත්වනු ලබන්නේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව මහ භාණ්ඩාගාරය මඟින් මහ බංකුවේ රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුවට දැනුම්දීම අනුව සිදුවන පිලිගත් ක්‍රමවේදයක් තුල බවත්, එසේම ප්‍රතිපත්ති පොලී අනුපාත තිරණය කරනු ලබන්නේද මහ බැංකු මුල්‍ය මණ්ඩලය මඟින් වන අතර එම තීරණය ගනු ලබන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය පදනම් කර ගෙන බවත් එම මහ බැංකු ප්‍රකාශකයා අවධාරණය කර සිටියේය.

ඒ හැර කාගේ හෝ ඔලුවේ ඇති විකාර අදහස් හෝ දේශපාලන අවශ්‍යතා මත එම කටයුත්ත සිදුකිරීමට නොහැකි බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයා මෙසේ පැවසීය.

'' පසුගිය දින කිහිපය තුල සජබ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මාධ්‍ය හමු පවත්වමින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකරන තෙක් නොසිට සිදුකිරීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව වරදක් සිදුකර ඇති බවට චෝදනා කර සිටියා.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පවත්වනු ලබන්නේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව මහ භාණ්ඩාගාරය මඟින් මහ බංකුවේ රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුවට පිලිගත් ක්‍රමවේදයක් තුල දැනුම් දුන් පසු සති කීපයක් තුල පිලිගත් ක්‍රමවේදයක් තුල වෙලඳපල දැනුවත් කර අදාළ ලංසු ලබා ගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව වෙන්දේසිය පවත්වනු ලබන දිනය තීරණය වන්නේ රාජ්‍ය මුල්‍ය අවශ්‍යතාව මතය. එය තීරණය කිරීම සඳහා මහ බැංකු මුල්‍ය මණ්ඩලය මැදිහත් වීමක් සිදුවෙන්නේ නෑ.

ඒ වගේම  ප්‍රතිපත්ති පොලී අනුපාත තිරණය කරනු ලබන්නේ මහ බැංකු මුල්‍ය මණ්ඩලය මඟින් වන අතර එම තීරණය ගනු ලබන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය පදනම් කර ගෙන යි.

 මේ ක්‍රියාකාරකම් දෙක ස්වාධීනව කටයුතු කිරීම අනිවාර්ය දෙයක්. ඒ , වෙළදපල අක්‍රමිකතා අවම කිරීමට සහ එමඟින් වෙළදපල සාරධර්ම ආරක්ෂා කරවන අතර වෙළදපල ගැන විශ්වාසය තහවුරු කිරීමක් සිදුවෙන නිසා.

සජබ මන්ත්‍රීවරු යෝජනා කරන්නේ ඉදිරියේදී මහ බැංකු මුල්‍ය මණ්ඩලය රහසිගතව ගැනීමට නියමිත තීරණය කලින්ම මහ භාණ්ඩාගාරයට හොරෙන් දැනුම් දී වෙන්දේසි දිනය වෙනස් කිරීම හෝ ඉදිරියේදී පැවත්වීමට නියමිත වෙන්දේසියේදී රාජ්‍ය ණය අඩු කිරීම අරමුණු කරගෙන මුල්‍ය ප්‍රතිපත්ති තිරණය පිලිගත් ක්‍රමවත් ක්‍රමවේදයෙන් පිට කිරීමටයි.


 පසුගිය කාලය තුල විධිමත්, අක්‍රමිකතා වලින් තොර, විශ්වාසය තහවුරු කෙරෙන ක්‍රමවේදයක් පවත්වාගෙන යෑමට සියලු පියවර ගෙන ඇති අතර එම ක්‍රමවේදය බැහැර කොට අනිසි පියවර ගෙන අක්‍රමිකතා කිරීමට බල කිරීමට පෙලඹවීමට මෙම හිටපු මන්ත්‍රීවරු යෝජනා කරන්නේ නොදැනුවත්කම නිසාද, නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියන සැකය මතුවෙනවා. ඒ කොහොම වුනත් අවධාරණය කර කියන්න ඕන කාගේවත් ඔලුවේ ඇති විකාර අදහස් වලට හෝ දේශපාලන අවශ්‍යතා මත මේ කටයුතු සිදුවන්නේ නැති බව.



සබැඳි පුවත:
තවත් මහ බැංකු කොල්ලයක් සජබ හොයාගෙන : වැඩි විස්තර මෙන්න !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්