බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගෙන්

වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි නිවස පොලීසිය විසින් ඊයේ පරික්ෂාවට ලක් කළේ අධිකරණ නියෝගයකට අනුවය.

ඒ අනුව ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සදහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළග තබාගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසේ සිදුකළ පරික්ෂාවේ දී වීඩියෝ තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ද ?

text 5 1මෙසේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හිතවාදී පිරිස් විසින්ද දැඩි නොසතුට පළ කරමින් සිටින බව ආණ්ඩුවට පක්ෂපාති Lanka C News වාර්තා කරයි.

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වඩා ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු මහා පරිමාණ දූෂිතයන් නිදැල්ලේ සිටින බව සිය සමාජ ජාල ගිණුම්වල ඔවුන් සටහන් තබා ඇති බවත්, මෙය පොලිසිය විසින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන ලද්දක් බවටද එම පිරිස් චෝදනා කරන බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

'ගෝඨාභයගේ පාලනය යටතේත් නීතියේ හිල්'

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්දී දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම තම සංවිධානය තරයේ හෙළා දකින බවයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි.

එබැවින් ජනතාවාදී දේශපාලන නායකයින් මෙවැනි වරදවල් මත අත්අඩංගුවට ගැනීමේදී රජය මීට වඩා සැළකිලිමත් නොවුනහොත් රජය ලද තැනම ලොප් වීමට ඉඩ ඇති බව මේ අවස්ථාවේ අවධාරණය කරමු.

 

මෙන්න පොලිසියට ඔත්තුවක් !

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇති බව ද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි.

1930 අංක 9,  1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධී වේ.

ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.''

 

සබැඳි පුවත් :

රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වුනේ කෝමද ? 'කන්පියුස්' නැද්ද ?

රන්ජන් දෙන ආතල් : මාංචු දාන්න හදන පොලිස් නිලධාරියට 'හග්' එකක් !

රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

රන්ජන්ගේ නිවස වටලයි :අත්අඩංගුවට ගන්න ඉහල නියෝගයක් අපේක්ෂාවෙන්! (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්