රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

රනිල් වික්‍රමසිංහ ට ලෝක නායකයින්ගෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් තිබෙන බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා, ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා බවද ඇමරිකාවේ ජනාධිපති, එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව සඳහන් කළේය.

ඉතිහාසය පුරාම ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට නැවත නගා සිටුවන අභියෝගය බාරගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ පමණක් බවත් ඔහු මේ මොහොතේත් වැටුණු රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඒ සඳහා සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බව එජාප සභාපතිවරයා කීය.

වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ බලපිටිය සහ රජ්ගම මැතිවරණ කොට්ඨාශවල එජාප බලමණ්ඩල රැස්වීම් අමතමිනි.

රනිල් වික්‍රමසිංහ බලයට ඇවිත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනියන සෑම අවස්ථාවකම කකුලෙන් ඇද්ද බවද අවසානේදී එයින් වන්දි ගෙවන්න වුණේ රටේ මහජනතාවට බවත් අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් පවත්වමින් පක්ෂය ප්‍රතිසංස්කරණය කරමින් යන බවද ඉන් අනතුරුව පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙන බවද කී එජාප සභාපතිවරයා පැරණි දේශපාලන සංස්කෘතියෙන් රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න නොහැකි බව ද සඳහන් කළේය. 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්