එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති

ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පත් කර ඇත.

2023 සිට 2025 දක්වා කාලය සඳහා හරින් ප්‍රනාන්දු මෙම තනතුරේ කටයුතු කරයි.

කලාපයතුල සංචාරක ව්‍යාපාරය හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම පදනම් කොටගනිමින් කාම්බෝජයේ නොමිපෙන් හි පැවති දකුණු ආසියාව සදහා වන එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංව්ධානයේ ( UNWTO) 59 වන සැසිවාරයේදී මෙම පත්කිරීම ප්‍රකාශයට පත්කොට ඇත.

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම  සංචාරක කර්මාන්තයේ සුවිශේෂී උත්සාහයන් සහ දායකත්වය පිළිබඳ සාක්ෂියක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

උප සභාපති ධූරයට අමතරව සංචාරක හා තිරසාරත්වය පිලිබද කමිටුවේ ( CTS) හා සංචාරක හා තරගකාරීත්වය ( CTC) කමිටුවේ නියෝජිතයා ලෙසද අමාත්‍යවරයා එකවර පත්වීමද සුවිශේෂී අවස්ථාවකි.

මෙම පත්වීම් දකුණු ආසියානු කොමිසම තුල බලගතු භාවය හා නායකත්වය තහවුරු කරන අතර 2023 ඔක්තෝබර් 16 සිට 20 දක්වා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හිදී පැවැත්වෙන UNWTO හි 25 වන මහා සභා රැස්වීමේදී නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්