ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර හමුවක් අද (23) පස්වරුවේ සිදු විය.



නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතරතුර මෙම හමුව සිදුවූ අතර රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.

'' නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායකයින්ගේ සමුළුවට '' 22 සහ 23 යන දිනවල පැරිස් නුවර දී පැවැත්වෙයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවට එක්ව සිටී.


ජනපති එජා මහලේකම් හමුවෙයි

HE UN

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්  (Antonio Guterres) ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී ද්විපාර්ශ්වික  සාකච්ඡා පැවැත්වීය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අතරවාරයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමු විය.


ප්‍රංශ සමුළුව අතරතුර ජනපති හෙළිකළ අභියෝගය

ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වූ නව මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමින් ජනාධිපති වික්‍රමසිංහ පැවසුයේ, මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළයුතු බවයි.

මේ අතර මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දී තිබේ.

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපති වික්‍රමසිංහ එහිදී කරුණු පැහැදිලි කර තිබුණි.

RanilWickramasinghe Emanuwel

 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්