මෙම වසර අවසාන වනවිට වයස අවුරුදු හැට සම්පූර්ණ වූ වෛද්‍ය පරිපාලකයන්,

විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු හයසීය දහ හතරක් (614) විශ්‍රාම යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතළ ගැටලුවක් නිර්මාණය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙලෙස විශ්‍රාම යාමට නියමිත පිරිස අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයන් 15ක්, නියෝජ්‍ය වෛද්‍ය පරිපාලකයන් 7ක්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු 5ක්, වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අතිරේක ලේකම්වරු 2ක්, විශේෂඥ වෛද්‍යවරු 250ක් හා වෛද්‍යවරු 340 ඇතුළත් වෙති.

මෙම පිරිස ලබන 30 පසු දෙසැම්බර් 31 දක්වා වූ කාලය තුළ විශ්‍රාම යාමට නියමිතය. වයස අවුරුදු හැට ඉක්මවූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 750 පමණ හිඟයක් පවතී. (2023 ස්ථාන මාරු ලේඛනයට අනුකූලව) සහ විදේශීය පුහුණුව සඳහා වෛද්‍යවරු 350ක් පමණ විදේශගතව තිබේ.

2022 දෙසැම්බර් වනවිට පිටරට පුහුණුව සම්පූර්ණ කර දිවයිනට පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 250ක පමණ වුවත් ඔවුන්ගෙන් 120ක පමණ දිවයිනට පැමිණ මාණ්ඩලික අවශ්‍යතා සම්පූර්ණ කර නැවත විදේශගත වී ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් හත්සිය පනස් දෙනකුගේ පුරප්පාඩු පිරවීමට ඉතිරිව සිටින එම විශේෂඥ වෛද්‍යවරු 150 ප්‍රමාණවත් නොවන බවට වෛද්‍ය වෘත්තිකයන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත ලබන වසර වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුව 1000 ඉක්මවිය හැකි බවට සාධක සහිතව බලධාරීන් හට පෙන්වා දිය හැකි බවට වෛද්‍ය වෘත්තිකයන් අවධාරණය කරයි.

එසේම 2025 වසර වන විට 4000 දක්වා වැඩි විය යුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යා 2024 ජනවාරි 1 වැනිදා වනවිට 1750 වැනි සංඛ්‍යාවකට සීමා වීම වැළැක්විය නොහැකි බවද ඔවු්හු පෙන්වා දෙති.

වයස 63 ඉක්ම වූ විශේෂඥ වෛද්‍යවරුන් 50 පමණ සංඛ්‍යාවකට තාවකාලික කොන්ත්‍රාත් පදනම මත ඉදිරියටත් වැඩ කරන ලෙස වූ යෝජනාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

(aruna.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්