වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට
ඩොලර් මිලියනයක් නොතිබූ තිබූ රටක් බාර ගෙන බව කිසිවිටෙක අමතක කළයුතු නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.
රුවන් විජයවර්ධන එබව කියා සිටියේ පාක්ෂික හමුවක් අමතමිනි.
අනේකවිධ චෝදනා වලට මුහුණ දෙමින් ජනාධිපති වික්‍රමසිංහ, රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන තිබෙන බවද විජයවර්ධන එහිදී කීය.
"රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පත්වන විට පැවතියේ ගෑස් ටික ගේන්න ඩොලර් මිලියනයක් වත් නැති රටක්. අනතුරුව රනිල් වික්‍රමසිංහ මෙරට ව්‍යාපාරිකයන් සහ බැංකු සමග සාකච්ඡා කොට මුදල් හොයාගෙන ගෑස් ගෙන්වා ගන්නට හැකියාව ලැබුණා.
එතැන් සිට තමයි ටිකෙන් ටික මුදල් අතින් ශක්තිමත් කරගෙන රටේ මූලික අවශ්‍යතා සපුරා ගන්නට හැකියාව ලැබුනේ. විපක්ෂය දැන් චෝදනා කරන්නේ මේ සත්‍යය නොදැන නොවේ'' යයි ද ඔහු පැවසිය.
(lankadeepa.lk)