අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත.



දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම එම අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ද හෙට පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එහිදී විශේෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර, පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ලබන 30වනදා දක්වා කල් දමා ඇත.

එම පක්ෂ නායක රැස්වීම එදින පෙරවරු 9ට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසිය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ මෙම පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

(nethnews.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්