සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ද වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.



මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.

ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ට නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ ඔහු ජිවිතයෙන් සමුගෙන ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බව වාර්තා වේ.

ගයා රම්‍ය අල්විස්, අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් ගේ බාල පුතු ය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්