ආර්ථික අහේනියෙන් වැඩිම පීඩාවට පත් පුද්ගලයන්ට රජය විසින් දියයුතු සුබසාධක ඉල්ලා අරගලයක යෙදුනු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකුට උසස් පොලිස් නිලධාරියකු හිරිහැර කරන ආකාරය වීඩියෝ ගතව තිබේ.

එම අඩන්තේට්ටම සිදුවුනේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ලංකාවාසීන්ට සහන සැලසීම සඳහා ලෝක බැංකුව විසින් සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 200 ක මුදලක් අනුමත කළ දිනයේමය.

මීට අමතරව, ආර්ථික ස්ථායිභාවය නැවත ඇති කිරීම සහ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වලට අත දීම පිණිස ඩොලර් මිලියන 500ක් ද සමාන වාරික දෙකකින් රාජ්‍ය අයවැයට මුදාහරිනු ඇති බව ලෝක බැංකුව නිවේදනය කර තිබේ. පසුගිය වසරේදී අලුතින් ලක්ෂ 25ක් දිළිඳු බවට පත්වී ඇතැයි ගණන් බලා ඇති ලෝක බැංකුව 2023 වන විට තවත් සියයට 2.4කින් එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට අනුමාන කරයි.

මන්නාරම - වව්නියාව ප්‍රධාන මාර්ගය, ගනේෂපුරම් ප්‍රදේශයෙන් හරස් කොට ප්‍රදේශවාසීන් ජුනි 28 වැනිදා විරෝධතාවක් දියත් කර තිබුනේ රජය විසින් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලේඛනයෙන් සිය නම් ඉවත් කර ඇති බවට චෝදනා කරමිනි.

මාර්ගයේ ගමනාගමනයට බාධා වන අයුරින් ගම් වාසීන් පිරිසක් විරෝධතා දියත් කිරීම නිසා මාර්ගය විවෘත කර දීමට එම පැමිණි පරෙයියනාලම්කුලම් පොලීස් ස්ථානාධිපතිවරයා විසින් මාර්ගය මැද විරෝධතාවයට සහාය ලබා දුන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකු හින්ද සිටි පුටුව කැලයට විසි කරනු අයුරු පළාත් බද මාධ්‍යවේදීන් විසින් කැමරා කාචයට හසුකරගෙන තිබේ.

පීඩාවට පත් විශේෂ අවශ්‍යතා සහිත  වයස් ගත පියා එහිදී ප්‍රශ්න කරේ තමා පාර අයිනේ වාඩි කරනවා වෙනුවට තමා වාඩි වී සිටි පුටුව පොලීසිය  විසිකළේ ඇයිද යන්නයි.

" මම මුකුත්ම කරගන්න බැරි කෙනෙක්. එහෙම තියෙද්දී මගේ පුටුව පොලීසියෙන් මොකටද කැලේට විසිකරේ. මම උද්ඝෝෂනයේ ඉන්න කොට මගේ පුටුව විසි කරා. මාව පාරේ අයිනේ වාඩි කරන්න තිබුනනේ. ඇයි එහෙම කෙරුවේ නැත්තේ."

Dilidu shana 2023.07.30
පොලීසියේ ක්‍රියාකලාපයෙන් කෝපයට පත් ගම් වැසියන් විරෝධතාවය තව දුරටත් පවත්වාගෙන ගිය අතර එම ස්ථානයට පැමිණි පෙරියකට්ටු ග්‍රාම සේවා නිලධාරියා විසින් විරෝධතාකරුවන්ට අභියාචනා ඉදිරිපත් කර එම ප්‍රතිලාභය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගිය බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

රජය පසුගිය දා නිවේදනය කර තිබුනේ සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙන  බවයි. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්