තේ වගාව ලංකාවේ මුලින්ම ආරම්භ කළ ඓතිහාසික ලූල්කඳුර වතුයාය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහිව කම්කරු විරෝධය එල්ලවී තිබේ.



විරෝධයට එක්ව සිටින වතු කම්කරුවන් පවසන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර දෙල්තොට ලුල්කඳුර වතු යාය කැබලි කොට පුද්ගලික අංශයට විකිණීමේ සැලසුමක් පවතින බවයි.

පුද්ගලික අංශයේ ගැනුම් කරුවන් පිරිසක් ඉකුත් 25 වැනිදා ලුල්කඳුර වත්තට පැමිණීමත් සමග වතු කම්කරුවන් විසින් උපවාසයක් හා අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත්කර තිබේ.

ලුල්කඳුර වතු පාලකයන් විසින් වතු යාය පෞද්ගලිකරණය නොකරන බවට ලිඛිත සහතිකයක් ලබා දෙන තෙක් උපවාසය හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අත්නොහරින බවට වතු කම්කරුවෝ පවසති.

ස්කොට්ලන්ත ජාතික ජේමිස් ට්‍රේලර් විසින් 1867 දී ලංකාවේ තේ වගාව ඇරඹියේ මෙම ලුල්කඳුර වතු යායෙනි.

70 දශකයේදී ලුල්කඳුර වතු යාය ජනසතුකරණය යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතට ගැනිණි.

357105372 642974644533193 7263443725375436231 n

356887801 642974634533194 4328451883723836624 n

356854702 642974511199873 7157243339735751002 n

356842614 642974591199865 6600422963530278689 n


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්