පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති

නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බව 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කරයි.  

එම නිල කාමරයේ ගෘහ භාණ්ඩ හැර සෙසු සියලු භාණ්ඩ ඉකුත් 27 වැනි දා සිටම ඉවත්කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් එම වෙබ් අඩවියට පවසා  ඇත.

පොලිස්පති ඉකුත් 26 වැනි දා සිට සිය කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබාදීමට පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

කෙසේවුවද 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත්තේ, පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත්කිරිම ව්‍යවස්ථාදායක සභාවේ සහ ජනාධිපතිවරයාගේ කාර්යයක් බවත් එලෙස ධුරයට කිසිවකු හෝ පත්වන තුරු ආයතනික කටයුතු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වන බවත් ය.

ධූරයෙන් විශ්‍රාම යෑමෙන් පසු හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබාදුන් සේවා දිගුව ජූනි 26 වන දිනෙන් අවසන් වූ අතර එතැන් සිට මේ දක්වා පොලිස්පති ධුරය හිස්ව පවතී. ඒ වැඩ බලන පොලිස්පතිවරයකු හෝ පත්කර නොමැති නිසාය. එමෙන්ම ජනාධිපතිවරයා පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා කිසිවකුගේ නමක් ද මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර නොමැත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කරන ලෙස විෂය බාර අමාත්‍ය ටිරාන් අලස් මෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධනත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද එම ඉල්ලීම සිදුකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්