එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 213ක් පමණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 214කි.

ලකුණු 214ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්තය පන්දුවාර 40ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 192ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 21කින් ජය ගත්තේය.

මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබූ ජයග්‍රහණය නැවත හරවා ගත්තේය.

ධනංජය ද සිල්වා අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 111 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 93 ක් රැස්කරමින් තගරයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන එනු ලැබිය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හතර ලකුණු 34 කට බිඳවැටීමෙන් ඉනිම අඩපණ විය.

ශ්‍රී ලංකා පිල ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 213 (දිමුත් කරුණාරත්න 33, ධනංජය ද සිල්වා 93, වනිඳු හසරංග 20, මහීෂ් තීක්‍ෂණ 28, ලොයන් වෑන් බී්‍රක් 26/3, බාස් ඩී ලිඩේ 42/3) නෙදර්ලන්ත පිල ඕවර 40 කදී සියලු දෙනා දැවී 192  (වෙස්ලි බැරිසි 52, බාස් ඩී ලිඩේ 41, ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 67, මහීෂ් තීක්‍ෂණ 31/3, වනිඳු හසරංග 53/2)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්