විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව මෙතෙක් රජයේ අවදානය යොමුවී නොමැති බව පළාත් සභා

සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වූ සංශෝධන පනත් කෙටුම්පත ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) අනුමැතිය ඇතිව පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අනිද්දා' විකල්ප ජාතික පුවත්පත කළ විමසීමකදී ය.

මේ අතර 'ද ලීඩර් TV' ''truth first''  විශේෂාංගයෙන් අනාවරණය කර ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම යෝජනාව, පොහොට්ටුවේ ප්‍රාදේශය නායකයින් තවදුරටත් පක්ෂය තුළ රඳවා ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් සැලසුම්කල උපායමාර්ගික මෙහෙයුමක් බවයි.



සබැඳි පුවත් :
පළාත් පාලන ආයතන යළි කැඳවීමේ යෝජනාව : පොහොට්ටුවේ ඕනෑකමට ගෙනා එකක් !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්