විශේෂඥ වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම වයස දීර්ඝ කලොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයින්

දැවැන්ත වර්ජනයකට කැඳවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කර සිටියි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

'' වෛද්‍යවරුන්ට පමණක් විශ්‍රාම වයස දිගු කලොත් ඇමතිවරයාගේ කියන දැවැන්ත වැඩ වර්ජනය ඇතිවේවී. ඒක හරියටම සැප්තැම්බර් කරනවාද කියලා තීරණය කරන්න වෙන්නෙත් ඇමතිවරයාම තමයි..''

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මන්ඩල සංදේශය මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසයි.

විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 න් විශ්‍රාම යෑමෙන් ඇති වන විශාල පුරප්පාඩුව සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණයට එළඹි බව කී අමාත්‍යංශ ලේකම්වරයා, මෙම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව අධිකරණය ද දැනුවත් කර ඇති බව ද සඳහන් කළේය.


තීරණය අධිකරණයට !

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය පසුගිය ජුනි 28දා මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුනි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ බව තහවුරු කරමින් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකළේය.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63  දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සේවා කාලය දීර්ඝ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මඟින් සඳහන් කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥවරෙකු වන රොමේෂ් ද සිල්වා සඳහන් කළේ, මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළහොත් ගැටලුවක් මතුවිය හැකි බැවින් පෙත්සම යළි කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසය.

පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්