වික්ටෝරියා ඇමලිනා යුක්රේනයේ වඩාත්ම කීර්තිමත් තරුණ ලේඛිකාවන්ගෙන් කෙනෙකි ( ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)

 

නැගෙනහිර ක්‍රැමටෝර්ස්ක් නගරයේ පීසා අවන්හලකට අඟහරුවාදා එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් තුවාල ලැබූ සම්මානනීය යුක්රේන ලේඛිකාවක වන වික්ටෝරියා ඇමලිනා ජීවිතක්ෂයට පත් වී තිබේ.

යුද්ධ අපරාධ පිළිබඳව පර්යේෂිකාවක ද වූ ඇය ප්‍රහාරයෙන් මියගිය 13 වන පුද්ගලයා ය.

608b068 5662263 01 06
යුක්රේනයේ 'පෙන්' ලේඛකයන්ගේ සංගමය පැවසුවේ, වෛද්‍යවරුන් "ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකි සෑම දෙයක් ම කළ නමුත් අවාසනාවන්ත ලෙස ඇය බරපතළ මාරාන්තික තුවාල ලබා තිබුණු" බව ය.

මෙම ප්‍රහාරය යුද්ධ අපරාධයක් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් නම් කර ඇත.

 130224146 82bdd3a4698f8538374b203a6ae533619623763fGETTY IMAGES

ක්‍රැමටෝර්ස්ක් නගරය යුක්රේන පාලනය යටතේ පවතින නමුත්, එය යුක්රේනයේ රුසියානු හමුදා විසින් අත්පත් කරගනු ලැබ ඇති ප්‍රදේශවලට සමීප වේ.
මිසයිල ප්‍රහාරයට ලක්වන විට 37 හැවිරිදි ඇමලිනා සිටියේ, නගරයේ ජනප්‍රිය අවන්හලක් වන රියා ලෝන්ජ්හි කොලොම්බියානු මාධ්‍යවේදීන් සහ ලේඛකයින් පිරිසක් සමග ආහාර ගනිමින් ය.

ඇයව නීප්‍රෝහි රෝහල වෙත කඩිනමින් ගෙන යන ලද නමුත් තුවාල හේතුවෙන් ඇය සිකුරාදා මිය ගිය බව යුක්රේනයේ පෙන් සංගමය පවසයි.

"වික්ටෝරියා ඇමලිනා නම් ලේඛිකාව ජූලි 1 වන දා අප අතරින් සමුගත් බව අප ඔබට දන්වන්නේ දැඩි වේදනාවකින්," යැයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"වික්ටෝරියාගේ ජීවිතයේ අවසන් දින කිහිපයේදී, ඇගේ පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට ඇය අසල සිටීමට හැකි වුණා."

hjgdfd
පසුගිය වසරේ රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසු යුද්ධ අපරාධ පිළිබඳව සටහන් කිරීම ආරම්භ කළ ඇමලිනා, යුක්රේනයේ වඩාත් කීර්තිමත් තරුණ ලේඛිකාවන් අතරින් කෙනෙකි. යුද්ධයේ ඉදිරි පෙළ සිටි දරුවන් සමග කටයුතු කිරීම ද ඇය ආරම්භ කළා ය.

ආක්‍රමණයෙන් ඉක්බිතිව ඉසුම් නගරයේදී රුසියානු හමුදා විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද ළමා ලේඛක වොලොදිමීර් වකුලෙන්කෝගේ දිනපොත සොයා ගැනීමට ඇය පසුගිය වසරේ සමත්වූවා ය.

ඇයගේ පළමු ප්‍රබන්ධ නොවන ඉංග්‍රීසි ග්‍රන්ථය වන, War and Justice Diary: Looking at Women Looking at War, ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ප්‍රහාරයෙන් ඇමලිනා තුවාල ලබා ඇති බව තහවුරු කරමින් මීට පෙර නිකුත් කළ ප්‍රකාශයක, යුක්රේනයේ පෙන් සංගමය සහ යුද්ධ අපරාධ නිරීක්ෂක ආයතනයක් වන ටෘත් හවුන්ඩ්ස් සඳහන් කර තිබුණේ, තම කණ්ඩායම් ද්විත්වයේ ම සාමාජිකයින් ඇමලිනා සමග ඉදිරි පෙළට ගමන් කළ බව ය.

"දැන් වික්ටෝරියා යුද්ධ අපරාධයක ගොදුරක් බවට පත්වෙලා," ඔවුහු පැවසූහ.

oekraine amelina victoria


සිය ට්විටර් ගිණුමේ ඉහළින් අමුණා ඇති සටහනක ඇමලිනා යුක්රේනයේ බෝම්බ හෙලන ලද ගොඩනැගිල්ලක ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙයි.

"මම තමයි මේ පින්තූරයේ ඉන්නේ" යනුවෙන් එහි සටහන් කර තිබේ.

"මම යුක්රේන ලේඛිකාවක්. මගේ බෑගයේ යුක්රේනයේ මහා කවියන්ගේ පින්තූර තියෙනවා. මාව පේන්නේ හරියට පොත්වල, කලා කෘතිවල, සහ මගේ පුංචි පුතාගේ පින්තූර ගන්න ඕනේ කෙනෙක් විධියට. හැබැයි මම කරන්නේ, රුසියාවේ යුද්ධ අපරාධ ගැන ලියන එක. ඒ වගේ ම, මම සවන් දෙන්නේ කවිවලට නෙවෙයි, ෂෙල් වෙඩි හඬට. ඇයි?"

va sa
(ජෝර්ජ් රයිට්)
බීබීසී පුවත්

උපුටා ගැනීම - BBC සිංහල සේවය


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්