පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න ගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න ට මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා 26 වැනි දින විශ්‍රාම ගනු ලැබීය.

කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව විවිධ සාකච්ඡා පැවති අතර අද දිනයේ පස්වරු වේ පැයකට අධික කාලයක් ජනාධිපති වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් විසින් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සී.ඩී. වික්‍රමරත්න ට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

ඒ අනුව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

සී.ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 26 වනදින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද ඔහුට මාස 03ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඔහුගේ ධුරකාලය දීර්ඝ කළ දෙවන අවස්ථාව මෙය යි. 

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්