ජපානයේ ලිංගික සිදුවීම්වලට හසුවූ මාගල්කාන්ත සුදන්ත සහ ශ්‍රී ලංකාවේදී හසුවුණා පල්ලෙගම සුමන

හිමිවරු මෙන්ම මඩකලපුවේදී පොලිසියට පහර දුන් අම්පිටියේ සුමනරත්න හිමියන් ද දේශපාලන ක්‍රියාකාරීන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පැවසිය.

මෑතකාලීන මෙම සිද්ධීන් තුළින් මේ රට අනාගමික රටක් විය යුතුය යන මූලධර්මය අවධාරණය කෙරෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

''ජාතිවාදය අවුස්සන කණ්ඩායම්වල උන්වහන්සේලාත් ඉඳලා තියෙනවා.'' යයි පැවසු මන්ත්‍රීවරයා, මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණයට සහ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමට මේ දේශපාලන හිමිවරුන් සැම අවස්ථාවකදීම විරුද්ධ වූ බව ද සඳහන් කළේය. 

උන්වහන්සේලා විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් දෙමළ, මුස්ලිම්, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ජනතාවට එරෙහිව අසීමිත බලයක් ගෙන ක්‍රියා කලද, ඕනෑම දෙයකින් ගැලවිය හැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගියදා විහාරස්ථානයකදී කාන්තාවන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා,  තවදුරටත් මෙසේද පැවසීය.

''ඒ කාන්තාවන් නිරුවත්කර රූගත කර පහරදීම බරපතල අපරාධයක්. ලිංගික නිදහස යනු නිදහස් කැමැත්තේ නිදහස් පුද්ගලික කාරණයක්. ඒ නිසා කාන්තාවන්ට පහර දීම වැරදියි. එය මොනම හේතුවක් නිසාවත් පිළිගන්න බැහැ. හැබැයි මේ හාමුදුරුවරු ඒවා කියලා බේරෙන්න හදන්න එපා''.

''ලෝකයේ ථෙරවාදී බුදුදහමේ මූලස්ථානය ශ්‍රී ලංකාව. ථෙරවාදී භික්ෂූන් වහන්සේලාට ලිංගික සබඳතා ආගමික වශයෙන් තහනම්. තායිලන්තයේ මහායාන බෞද්ධ භික්ෂූන්ට එවැනි සීමාවන් නැහැ. එබැවින් මෙවැනි සිද්ධීන් ශ්‍රී ලාංකේය බුද්ධාගම තුළ මහත් ව්‍යාකූලත්වයක් ඇති කර තියනවා. ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සහෝදරයින්ට සහ ඔවුන්ගේ ආගමික නායකයින්ට මෙම ප්‍රශ්නය සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුළුවන්. අපි මේ සිද්ධීන්ට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් රටේ ජාතික හැසිරීම් සහ දේශපාලන සමාජ ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රශ්නය අපගේ ගැටලුවක්..''

'' මම හැමදාම කිව්වේ කිසිම ආගමක් සෘජුවම දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බවයි. මම කාලයක් තිස්සේ කියන්නේ මේ රට “අනාගමික” රටක් විය යුතු බවයි. දේශපාලනයේ අනාගමික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට මේ රටේ සිංහල ප්‍රගතිශීලීන් සමඟ එක්ව කටයුතු කිරීමට අප මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි. සාමය රකින දෙමළ සහ මුස්ලිම් දේශපාලකයන්ද මෙයට සවන් දිය යුතුයි.මේ රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම් අනාගමිකත්වය තුළ සැඟවී ඇතැයි මම විශ්වාස කරනවා.''

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්