දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ඊට පෙර උතුරේ හා වතුකරයේ

දෙමළ දේශපාලනඥයින් ගෙන් ඉදිරිපත්ව ඇති දේශපාලන ඉල්ලීම සම්බන්ධයෙන් සහනදායි ක්‍රියාමාර්ග රැසක් වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

දෙමළ දේශපාලන සිරකරුවන්, උතුරේ අතුරුදහන් වුවන් සහ උතුරේ ඉඩම් ප්‍රශ්නය පිලිබඳ කාරනා මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

එසේම, වතුකරයේ දෙමළ ජනතාවගේ ඉඩම්, නිවාස ප්‍රශ්නය හා අධ්‍යාපනය පිලිබඳ කාරණා ගැනද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා සිය ඉන්දියානු සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිත බව සඳහන්ය.

මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මෙම සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්