කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) පෞද්ගලික සමාජ ශාලාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගැනීමේ දී ඇතිකර ගත්

එකඟතාවයන් ඇතුළත් අවබෝධතා ගිවිසුම (MOU) මුළුමනින්ම කඩකර ඇතැයි කියමින් එහි සාමාජිකයින් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

එකී අවබෝධතා ගිවිසුමට අනුව “එයිටි ක්ලබ්” පෞද්ගලික සමාජ ශාලාවේ මත්පැන් බාර් සහ ආහාර පානාදිය ඇතුලත් භෝජනගාරයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පාලනය කරනු ලබන අතර “එයිටි ක්ලබ්” වෙත ප්‍රවිෂ්ඨවිම සාමාජිකයින්ට පමණක් සිමා වනු ඇත.

IMG 0551IMG 0552
කෙසේවුවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මුලික අවබෝධතා ගිවිසුම එක පාර්ශ්විකව කඩකරමින් පසුගියදා “එයිටි ක්ලබ්” යළි විවෘත කරනු ලැබූ අතර එහිදී ඔහුගේ ගජමිතුරන් 200 කට පමණ සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා අරාධනා කර තිබිණ.

එසේ පැමිණ සිටි සියලුම ආරාධිතයින්ට ඉතා මිල අධික දෙස් විදෙස් මත්පැන්, කෑම බිම නොමිලේ ලබාදීමට ද සභාපතිවරයා නොමසුරුව තිබිණ.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහජන මුදල් මෙවැනි පෞද්ගලික සාද පැවැත්වීමට වියදම් කිරීමට සභාපතිවරයාට සුවිශේෂ වරප්‍රසාදයක් තිබේද ?

PHOTO 2023 07 10 16 54 21PHOTO 2023 07 10 16 54 22PHOTO 2023 07 10 16 54 22 1PHOTO 2023 07 10 16 54 22 2PHOTO 2023 07 10 16 54 24 1

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛනයක් සම්බන්ධයෙන් ද 'එයිටි ක්ලබ්' හි සාමාජිකයින්ගේ බලවත් විරෝධය එල්ලවී ඇත. 'එයිටි ක්ලබ්' හි ආහාරපාන හා සේවා ලබාදීමේදී ප්‍රභුවරුන්ගෙන් අයකරන ගාස්තු සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ ඊ මේල් පණිවිඩයක් මගින් එම දැනුම්දීම සිදුකර  ඇත.

ඒ අනුව විෂයබාර ඇමතිවරයාට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂයක සීමාවක් පනවා ඇති අතර එම බිලෙන් සියයට 50ක පමණක් අයකිරිමට කටයුතු කරන ලෙස එම ඊ මේල් පණිවිඩය මගින් පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත.

එසේම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එක් අවස්ථාවක දී රුපියල් 75,000 ක සීමාවක් පනවා ඇති අතර එම බිලෙන් සියයට 50ක පමණක් අයකිරිමටත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එක් අවස්ථාවක දී රුපියල් 50,000 ක සීමාවක් පනවා ඇති අතර එම බිලෙන් සියයට 50ක පමණක් අයකිරිමටත් දැනුම් දී ඇත.

wat 2023.07.10
 
කොළඹ නිදහස් චතුරශ්‍ර මාවතේ පිහිටි '80 ක්ලබ්' පෞද්ගලික සමාජ ශාලාව නවීකරණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන
411 ක මුදලක් වැයකර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් එබව කියා සිටියේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) ආයතනය යළි විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ විෂය පථයට අයත් වන නාගරික සංවර්ධන අධිකාරිය සතු බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනය '80 ක්ලබ්' සඳහා පහසුකම් සලසයි.

“එයිටි ක්ලබ්” යනු කොළඹ පැරණිතම සමාජ ශාලාවකි. මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” නමින් හැඳින්වේ. පසුකලෙක එය මෙලෙස කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත කර තිබේ.  

2020 වසරේදී මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණි.

මෙහි ආහාර පාන ඇතුළු සියළු දේ සපයන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති වෝටර්ස් එජ් හෝටලය මගින්. මෙහි සම්පූර්ණ කටයුතු සිදු වන්නේ වෝටර්ස් ඒජ් ආයතනය තුළිනුයි.

නව අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමරය ඇතුළු නවීනතම එකතු කිරීම් හරහා වර්තමානය වන විට අලංකාරවත් නිමාවක් 'එයිටි ක්ලබ්' සඳහා ලැබී තිබේ.
 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්