ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාලසටහන් පළමු වරට අන්තර්ජාලයට ඇතුළත් කිරීම අද (10) සිදුකෙරිණි.



ඒ අනුව, දුර සේවා බස් රථ කාලසටහන මගීන්ට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් සහ1315.lkජංගම යෙදුම ඔස්සේ අද සිට ලබාගත හැක.

එම වෙබ් අඩවියට සහ ජංගම යෙදුමට පිවිසීමෙන් තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කර ගැනීමේ හැකියාව දී ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස් රථ ගමනාන්ත සඳහා මගී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා ලැබේ.

sltb.eseat.lk හෝ 1315.lk යන තත්‍ය කාල මගී ආසන වෙන් කිරීම සහ මගී ප්‍රවාහන තොරතුරු ලබා ගැනීම ඇතුළු සියලු පහසුකම් එකම තැනකින් ගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවියයි.

වෙබ් අඩවියට අමතරව දිවයින පුරා පිහිටි 40කට අධික ප්‍රධාන බස් නැවතුම් පොළවල පිහිටුවා ඇති කවුන්ටර් හරහා මෙන්ම 1315 ක්ෂණික ඇමතුම ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගත හැක.

මෙම ක්ෂණික ඇමතුම භාෂා තුණෙන් සමන්විත 24 පැයේ ක්‍රියාත්මක සේවාවක් වන අතර බස් ගමන් සේවා පිළිබඳ තොරතුරු, ආසන වෙන් කිරීම හා කොන්දොස්තර සමඟ සම්බන්ධීකරණය ආදී පහසුකම් ද ඕනෑම මොහොතක ගත හැකි වීම මේ ඔස්සේ සලසා ඇති තවත් විශේෂ පහසුකමකි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ කාල සටහන් විස්තර අන්තර්ජාලයට එක් කිරීමේ අවස්ථාවට එක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුයේ, ගමනාගමන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ තවත් පියවරක් ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ආසන වෙන්කිරීම සහ කාල සටහන් මාර්ගගත ක්‍රමයට පරිවර්තනය කිරීමේ මෙම වැඩසටහනට සුවිශේෂී වැදගත්කමක් හිමිවෙන බවයි. 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්