අනවසර ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය ඉන්දියාව සමග සාකච්ජා කොට විසදුම් ලබා ගැනීමට ජනාධිපතිවරයා උනන්දු කරවන ලෙස උතුරේ ධීවරයෝ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිති.


යාපනය ධීවර සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපති අන්තෝනිපිල්ලේ රත්නකුමාර් සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එළඹෙන ඉන්දියානු සංචාරයේදී එරට බලධාරීන් සමග මේ ගැන සාකච්ජා කළ යුතු බවයි.

ඒ සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සහ යාපනේ දිසාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව මිට ඉක්මන් විසදුමක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කළ යුතු බව ද යාපන ධීවර සමිති නායකයා පවසයි.

 '' ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා දිගටම අපේ මුහුදට බලෙන් ඇතුල් වෙනවා. අපේ මාළු කොල්ල කනවා. මේ තත්වය පාලනය කරන්න ඕනෑ. උතුරු පළාතේ මන්ත්‍රීවරු විශේෂයෙන් ධීවර ඇමැති ඒකාබද්ධව ජනාධිපතිට පැහැදිලි කරන්න ඕනෑ.''

යාපනේ අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතූ නෙඩුන්තිව් ධීවර සංගම් සභාපති ෆ්‍රැන්සිස් කෘස් ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා නිසා මෙරට ධීවරයන්ගේ දැල් ආම්පන්න විනාශ වීමෙන් ලැබූ පාඩුව රුපියල්  කෝටි ගණනක් බවයි.

'' අපි මේ දැල් ආම්පන්න ගන්නේ ගෙදර අයගේ රත්තරන් බඩු උගස්තියලා. අපේ මුහුදු සම්පත් කොල්ල කනවා වගේම ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් වලින් අපේ දැල් ආම්පන්නත් විනාශ කරනවා. දැනටමත් අපේ ධීවරයන්ට රුපියල් කෝටි 200 ක විතර අලාභ වෙලා තියෙනවා.''

 නෙඩුන්තිව් ධීවර සමිති නායකයා පෙන්වා දෙන්නේ ඉන්දිය ධීවරයන්ගෙන් සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි 250 ක් පමණ ආණ්ඩුවේ බලධාරීන් වෙත යොමු කර ඇතත් මෙතෙක් විසදුමක් ලැබී නොමැති බවයි.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදී සමග සාකච්ජා කර තිරසාර විසදුමක් ලබා ගත හැකි බවට ධීවර සංගම් නියෝජිතයෝ විශ්වාස කරති. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද ද එම ගමනට එක වීමට නියමිතය.

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්