මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රි දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා එක්ව සමාජ යහපත උදෙසා කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියි.

අධිකරණ අමාත්‍යවරයා එබව කියා සිටියේ, ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 11 දා) පස්වරුවේ රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

රුපියල් මිලියන 1500ක වියදමින් මෙම රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඉඳිකර ඇත. මහල් හතරකින් සමන්විත මෙම අධිකරණ ගොඩනැගිල්ල තුළ මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, කම්කරු විනිශ්චයාධිකාරයක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සඳහා අවශ්‍ය සියළු පහසුකම් වලින් සමන්විත වේ.

උත්සව සභාව අමතමින් ඇමතිවරයා මෙසේද පැවසිය.

 

'' මීට වසරකට පෙර අපේ රට නීතියක් නොමැති අරාජික රටක් බවට පත්ව  තිබුණා. රට ආර්ථික වශයෙන් කඩා වැටුණා. සියලු ආකාරයෙන් කඩා වැටුණු රට නැවත ගොඩ නැගීමේ වගකීම වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය භාර ගත්තා. පසුගිය වසරේ ජුනි මාසය වන විට සීයයට 90 ක්ව පැවති උද්ධමනය මේ වසරේ ජුනි වන විට සීයයට 04 ක් දක්වා අඩු වෙයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට නීතිමය වශයෙන් ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ''


WhatsApp Image 2023 07 11 at 18.02.54

රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සදහා මුලික කටයුතු සිදු වුණේ හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ ගේ මුලිකත්වය ඇතිවයි.

 

රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා මුලික කටයුතු සිදු වුණේ හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මැතිණියගේ මුලිකත්වය ඇතිවයි. ඒ වෙනුවෙන් එතුමිය මුල් වී කටයුතු කරන කාලයේ වත්මන් ජනාධිපතිතුමන් එවකට අග්‍රාමාත්‍යතුමා වශයෙන් උපරිම සහයෝගය ලබා දුන්නා.

පසුගිය කාලය තුළ අපේ රටේ ඇති වු තත්වයත් එක්ක බොහෝ දෙනෙක් ක්‍රමවේදයේ වෙනසක් පිළිබදව කථා කළා. අද වන විට අපි ඒ ක්‍රමවේදයේ වෙනස ක්‍රම ක්‍රමයෙන් සිදු කර තිබෙනවා. රට තුළ දුෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මුලික කටයුතු ආරම්භ කළා.

 

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ගේ පත් කිරීම් ඇතුළු කටයුතු සදහා ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කළා. ජනාධිපති බලතල වැඩියි අඩු කළ යුතුයි කියලා මතයක් පැවතුණා. බොහෝ දෙනෙක් තුළ පැවති ඒ මතය නැති කරන්න අපි ජනාධිපති බලතල අඩු කලා. ඒ සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විරුද්ධ වුණේ නැහැ.

 

නව දුෂණ විරෝධි පනතක් ...

මේ රටේ දුෂණය නැති කරන්න කටයුතු කල යුතු බවට බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කලත් ඒ වෙනුවෙන් කිසිම කෙනෙක් ක්‍රියා මාර්ග නිසි පරිදි ගත්තේ නැහැ. නමුත් අපි මේ වන විට නව දුෂණ විරෝධි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දෙවන වර කියවීම සම්මත කරගෙන තිබෙනවා. පවතින අල්ලස් කොමිෂන් සභාව වෙනුවට බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කරනවා. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සිදු වන දුෂණ සහ වංචා අවම කිරීමට අවශ්‍ය බලය එම කොමිෂන් සභාව සතුයි.

 

කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම සාපරාධි වරදක් බවට පත් කරමින් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බලය මේ නව දුෂණ විරෝධි පනත තුලින් ලබා දී තිබෙනවා. වත්කම් බැරකම් ලබාදීම සිරිතක් වශයෙන් සිදු කළත් ඒ පිළිබදව අධීක්ෂණය කිරීමේ ක්‍රමයක් තිබුණේ නැහැ. ඒත් අපි නව දුෂණ වරෝධි පනත සම්මත කිරීමත් සමග වත්කම් බැරකම් අධික්ෂණය කිරීමේ බලය ලබා දී තිබෙනවා.

 

නව දුෂණ විරෝධි පනත සම්මතවීමත් සමග පැරණි වැරදි සදහා කටයුතු කළ නොහැකි බවට ඇතැම් අය සදහන් කරනවා. ඒක සම්පුර්ණ වැරදියි. නව පනත පිළිබව අවබෝධයක් නොමැති අය එවැනි ප්‍රකාශ සිදු කරන බව කිව යුතුයි.

අල්ලස් වංචා දුෂණ හේතුවෙන් වු නඩු අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ සිය දහස්  ගණනක් පවතිනවා. අපි එම තත්වය අවම කිරීම සදහා වසර සිය ගණනක් පැරණි නොතාරිස් ආඥා පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, ආදී පනත්  සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවා.

යුක්තිය පිසදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා පසුගිය වසරක පමණ කාලය තුළ නව පනත් 30 ක් සම්මත කිරීමට කටයුතු කළා.

රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ ළමා අපචාර හා ස්ත්‍රි දුෂණ සම්බන්ධ නඩු 24700 ක් පමණ තිබෙනවා. මෙරට මහාධිකරණ තුළ පවතින නඩු 29700 න් 9800 ක් ඒ කියන්නේ සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රි දුෂණ සම්බන්ධ නඩු බවට ගණන් බලා තිබෙනවා. මෙම තත්වය පිළිබදව අපි කණගාටු විය යුතුයි.

 

අපි වැරදි සිදු කරන අයට දඩුවම් ලබාදීමටත් වඩා පුද්ගලයින් වරදින් මුදවා ගැනීමට ක්‍රියා කළ යුතුයි. විවිධ ආකාරයෙන් අපේ සමාජය පිරිහීමට පත්වීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා. රටේ සිදු වන සමාජ පිරිහීම අවම කරන්න ආගමික නායකයින් ග්‍රාමිය නායකයින් ප්‍රමුඛත්වය ගත යුතුයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම සදහා නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් ඒ සදහා සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බව ද අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

 

ජනාධිපති වික්‍රමසිංහ, අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, සබරගමුව පළාත් ආණ්ඩුකාර නීතිඥ, නවීන් දිසානායක, රත්නපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, වසන්ත වීරසිංහ උත්සව සභාව අමතමින් අදහස් පළ කළහ.

WhatsApp Image 2023 07 11 at 17.58.51
WhatsApp Image 2023 07 11 at 17.58.59358466091 853716959457902 6390861398300030086 n


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image