යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ  පත් කර ඇති බව හමුදාව පවසයි.



යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී  ඩී වීරසූරිය වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ පත් කර ඇත.

1988- 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ගේ පුත්‍රයා වන මේජර් ජෙනරාල් සංජය වනසිංහ, සිය පියා යුද හමුදාපති ධූරය දරන වකවානුවේදී කැඩෙට් නිලධාරියකු වශයෙන්ද හමුදාවට එක් වී පියා අතින් ම අධිකාරියට පත් වෙමින් යුධ හමුදා ඉතිහාස පොත වර්ණවත් කළේය.

මේජර් ජෙනරාල් සංජය වනසිංහ වන්නි යුධ මෙහෙයුමේ දී හමුදාවට ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් දක්ෂ නිලධාරියෙක් ලෙස සැලකේ.

සංජය වනසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඔහු හෙට (15) නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.



මේජර් ජෙනරාල් චන්න වීරසූරිය සිවිල් ආරක්ෂක බලකායට !

channaමේජර් ජෙනරාල් චන්න වීරසූරිය




මේ අතර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කර අද (14) දින විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් සී  ඩී වීරසූරිය, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කල විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්.ආර්. ළමාහේවා වෙත ලබා දී තිබූ සේවා දිගුව අවසන් වීමෙන් පසු ඔහු ඊයේ දින සිවිල් ආරක්ෂක බලකා සේවයෙන් ඉවත්විය.

ඒ අනුව එම බලකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා මාන්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත් කිරීමට නියමිත බැව් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා පාබල හමුදවට අයත් නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් සී  ඩී වීරසූරිය, කොළඹ මහානාම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.  කලක් යොවුන් සේනාංකය තුල තරුණ කටයුතු ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කල ඔහු නිහඩ හා දක්ශ පරිපාලකයෙකු ලෙස ප්‍රකටය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්