ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් වසර 25 ක් සිදුකල

විශිෂ්ඨ සේවාව අගයමින් කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක ට රුසියානු විදේශ අමාත්‍යංශයෙන් ද්විපාර්ශවික සහයෝගීතාව සඳහා වූ විශේෂ සම්මානය ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් විසින් ජූලි 13 දින කොළඹ රුසියානු මන්දිරයේදී පිරිනමනු ලැබිය.

බුද්ධප්‍රිය රාමනායක ට මෙම සම්මානය පිරිනමනු නමනු ලබන්නේ, රුසියාවේ විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලව්රොෆ් ගේ නියෝගයකට අනුව බව එහිදී ප්‍රකාශවිය.

මෙම සම්මානයෙන් පිදුම් ලද එකම ශ්‍රී ලාංකිකයා වන්නේ බුද්ධප්‍රිය රාමනායක යි.

රාමනායක ගේ උපන් දිනය යෙදුණු ජුලි 13 දින මෙම සම්මානය ඔහුවෙතපුද කිරීමද සුවිශේෂී විය.

මේ අවස්ථාව සඳහා ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන්, රුසියානු තානාපති කාර්‍යාලයේ පළමු ලේඛම් හා රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරීයා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ලේඛම් වෛද්‍ය සමන් වීරසිංහ, රුසියානු තානාපති කාර්‍යාලයේ හා රුසියානු මන්දිරයේ නිලධාරීන් සම්බන්ධ වී සිටියහ.

{gallery}Buddipriya Ramanayake{/gallery} 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්