කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ angiogram පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන්

එම රෝහලට මහත් අපකීර්තියක් සිදුවී ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ පවසයි.

කළුතර නාගොඩ රෝහලේදී හෘදයාබාධයක් හඳුනාගැනීමට කරන ලද angiogram පරීක්ෂණයක වාර්තාවක් සම්බන්ධයෙන් වෘත්තියෙන් ගුරුවරියක් වූ තරුණියක් සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබිණ. එ සම්බන්ධයෙන් විවිධ බලපෑම් සිදු වූ බවත් පසුව එකී පෝස්ටුව තමා විසින් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරගත් බව අදාළ ගුරුවරිය මාධ්‍යට පවසා තිබිණි.

KLjhklef

එම සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මෙසේ සඳහන් කළේය.

"මේ CD එකක් සම්බන්ධයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. දැනටත් CD එක පරීක්ෂණයක් කරලත් නෑ එකේ දත්ත තියනවාද ? නැද්ද ? කියලා. අපි දෙන CD හැම අවස්ථාවකදීම CD එක පරීක්ෂා කරලයි දෙන්නේ. මොකද අපිට තියෙන මැෂින් එක G - Catheterization කියන මැෂින් එක තියෙන්නේ. එකේ ගහන CD සාමාන්‍ය පරිගණකයකින් විවෘත වෙන්නේ නෑ. ඒකට විශේෂ මෘදුකාංගයක් ඕනේ ඒ CDවිවෘත කරන්න. තමන්ගේ ලැප්ටොප් එකේ බැලීම තුළිනුත් දත්ත විනාශ වෙන්න පුළුවන්. මේ CD ප්‍රශ්නයක් ගිය දුරක්. ඒ කරපු ප්‍රකාශය නිසා දිස්ත්‍රික්කයේ විතරක් නෙමේ, මුළු ලංකාවෙම පමණක් නෙමෙයි ජාත්‍යන්තරයෙත් අපව අපකීර්තියට ලක් කරලා තියෙනවා."

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්